මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ ගෲප් (පුද්ගලික) සමාගමේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි ළඟ තිබී ජංගම දුරකථනයක් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි.
Read Moreරුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.
Read Moreකොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 3 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අද (10දා) අලුයම සුඛෝපභෝගී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගිය බව අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි. එම වාහනවල ගමන් ගත් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා විජේසේකර 56 දෙදරු මවකි.
Read Moreඅද (10දා) විශේෂ බැංකු නිවාඩු දිනයක් වුවත් රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. පෝය දිනය ඉරිදාට යෙදුණ බැවින් අද දිනයේදී බැංකු සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරික් වීරවර්ධන මහතා සති අන්තයේ මහනුවරදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (JJB) එක් විය.
Read Moreකැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ දැනට සිදුකෙරෙමින් පවතින අලුත්වැඩියා කටයුතු දින දහයකට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි එහි කළමනාකාරීත්වය බලාපොරොත්තු වේ.
Read Moreපාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවත්මන් රජය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූයේ නම් මෙරට දී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා විදේශ ආධාර ලබා ගැනීමට හැකියාව තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය .
Read Moreඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreතිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය.
Read Moreමහා පරිමාන මූල්‍ය වංචා චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛයාව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
Read Moreදේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමොරටුව අඟුලානේ බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑ තරැණයා සහ දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් (9දා)අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.
Read Moreවැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන් හැක් කිරීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreරුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් හෙට සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.
Read Moreප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි.
Read Moreවප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට නියමිතය.
Read Moreකන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8දා) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව තිබේ.
Read Moreඅම්පාර හා කල්මුණේ නගර කේන්‍ද්‍ර කරගනිමින් වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු 2022.10.05 වන දින අත්අඩංගුවට ගත්බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreගාලුමුවදොර මුහුදේ දිය නෑමට ගිය ළමුන් සිව් දෙනෙකු අතරින් එක් ළමයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ සවස්කාලයේ සිදුවූ මෙම දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 පදිංචි අවුරුදු 15ක් ළමයෙකි.
Read Moreඅගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම සියයට 10කින් ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreඅ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07) තීරණය කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreකෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) පත්විය.
Read Moreඅගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීමට නියමිත 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඊයේ (06) හිමි විය.`
Read More