අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් හා වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දිනයේදි අනුරාධපුරයට යාමට හා ඉරිදා දින අනුරාධපුර සිට පැමිණීමට විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කර තිබේ.
සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.
Read Moreමධ්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍ර දේශයේදී පියෙකු හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreතිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (7දා ) ජීවිතක්ෂයට පත්වූ බව තිරප්පනය පොලීසිය පවසයි.
Read Moreගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමට ගිය බිබිල ප්‍රදේශයේ පදිංචි හිමිනමක් ඇතුළු පස් දෙනෙකු මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය මගින් පිරිනමන ලද ’’ ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය ’’ දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ (06) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය .
Read Moreආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානයට අයත් හම්බේගමුව තිඹිරියමංකඩ ප්‍රදේශයේදී ඉකුත් (06) වෙනිදා අලුයම වනජීවී නිලධාරීන් සහ දඩයක්කරුවෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරු බරපතල තුවාල ලබා ඇතැයි හම්බේගමුව පොලීසිය පවසයි.
Read More2022 වසරේ මැයි 30 දා සිට ඊයේ (06දා) දක්වා වූ කාලය තුළදි වෙඩි තැබිම්වලින් පුද්ගලයන් 35ක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්තානය සඳහන් කරයි.
Read Moreපසුගිය 23වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහා මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඉන්ධන, විදුලි, වරය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreමහනුවර නගරය රජ වීදියේ නිවසක් බිඳ එම නිවසේ තිබූ රන් පවුම් හතක් සහ රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වලට පැමිණි පොලිස් නිලධාරීන්ට උදව් උපකාර කරමින් සිටි පුද්ගලයෙකුගේ සපත්තුවේ අඩි සලකුණින් සොරා ඔහු බව හඳුනා ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවතත් ගෙන ඒමට කටයුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාවට ඇත්තේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දූෂිත දේශපාලඥයින්ගේ ප්‍රශ්ණයක් ලංකාවට ඇති බවයි. ව්‍යවස්ථාවක් නොමැති ඒංගලන්තය වැනි රටවල් ඉදිරියට ගමන් කරන්නේ එවැනි රටවල දේශපාලඥයින් රටට ආදරේ නිසා බවත් ඔහු පැවැසීය.
Read Moreලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණ කොළඹ මුද්දර දැක්ම 2022 ප්‍රදර්ශනය අද (06දා) පෙරවරුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය. තැපැල් මූලස්ථාන පරිශ්‍ර යේදී මෙම මුද්දර දැක්ම පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.
Read Moreආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 4ට පාර්ලිමේන්තුව තුළ විනාඩි 48ක කාලයක් වෙන්ව තිබුණත් ලැබී ඇත්තේ විනාඩි 30ක කාලයක් පමණක් බවත් ඒ අනුව විනාඩි 18ක කාලය ආණ්ඩුව හෝ විපක්ෂය සොරාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreතේ සහ කිරිතේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව රුපියල් 50ක් වූ තේ එකක් රුපියල් 30ක් සහ රුපියල් 120ක් වූ කිරි තේ එකක් රුපියල් 100ක් දක්වා ද අඩු කර තිබේ.
Read Moreනෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ.
Read Moreඅධිකරණයට සහ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය වසර පහක කාලයකට අත්හිටුවීමට නියම කළේය.
Read Moreමෙම සතියේ විවාදයට ගැනීමට තිබූ 22 වැනි ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreතායිලන්තයේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක විවෘත වෙඩි තැබීමක් කර කුඩා දරුවන් ඇතුළු 31 ඝාතනය කළ ඝාතකයාද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඒසේම ඔහු තමන්ගේ බිරිද මෙන්ම දරුවන්ද ඝාතනය කර ඇතැයි තායිලන්ත මාධ්‍ය පවසයි. දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ළමුන් 23ක් මෙම මිලේච්ඡ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. තායිල්නත පොලීසිය මගින් සේවය පහකළ 34 හැවැරිදි පුද්ගලයෙක් මෙම ඝාතනයන් සිදුකර තිබේ.
Read Moreතායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍යධුරයෙන් ඉවත් වූ නාමල් රාජපක්ෂ මහතාද තවදුරටත් රැදී සිටින්නේ ඔහුට අමාත්‍යවරයෙක් ලෙස හිමිවූ නිල නිවසේ බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read More2022 දී ඇස්තමේන්තුගත 101% සිට 2024 වනවිට සාමාන්‍ය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109% දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් පැවසීය.
Read Moreමහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපතිකරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මම පෙරේදා කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාක්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ කාරක සභා පත්වෙන්නේ.”
Read Moreඋතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් නැගෙනහිර දෙසට එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreකොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් තමාට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10දා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.
Read MoreSpaceX පැවසුවේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මිනිසුන් රැගෙන යන පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය වන Dragon අභ්‍යවකාශ යානයට මගීන් හත් දෙනෙකු දක්වා රැගෙන යා හැකි බවයි.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ව තිබේ. ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඔහු වැඩි ඡන්දයෙන් සභාපතිධුරය සඳහා තේරී පත්ව තිබේ.
Read More