saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4732 hours ago

LATEST

කජීමාවත්තේ නිරතුරු ගිනිගැනීම් පිළිබඳ වාර්තාව අගමැතිට

calendar_today 2022 ඔක් 11 - 13:52 remove_red_eye - 254  

මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊ‍යේ (10දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Read More

මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය පවසයි.

Read More

අතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියා වෙනුවෙන් ගෙවන ලබන දීමනාව රුපියල් 100000 සිට රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානීන්ට තමන් බලපෑම් කර ඇති බව ඔප්පුකළහොත් තමන් ජනමාධ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මේ වන විට ලබාදෙන චිප් පතක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් QR ඛේතකයක් සහිත නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සුවිශාල සහායක් දැක්වුව ද වෙනත් බලවේගයන් ක්‍රියාත්මක වීමෙන් එය මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකිව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා හා හිටපු කථානායක කරු ජයසූරිය මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ජාතික සභා පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ කථිකාවතක් සිදුකිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232 ක මුදලක් අනුමත කරගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.

Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ‍ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (10දා) නිකුත් කර තිබේ. ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ රියදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු සියලුම ගාස්තු ඉහළ නංවා තිබේ.

Read More

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවල අදහස් දැක්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජන සිදු කර ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ පැවසීය.

Read More

මිරිහාන, පිටකෝට්ටේ ප්‍ර දේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක අද අලුයම ඇතිවූ ගින්නකින් එම ආයතනයේ සේවය කළ මුරකරුවා පියිළිස්සේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

පවතින ආර්ථික අර්බුධ මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (11) සිට ඒළැඹෙන 14 දා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. දහවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභා‍වේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායකතුමා වෙත ලිපියක් භාරදී තිබේ.

Read More

යාපනය පේදුරුතුඩු ධීවරයින්ට අද (10) අලුයම් කාලයේදී විශාල මෝර මත්සයින් 14 දෙනෙකු හසු වී ඇතැයි පේදුරුතුඩුව ධීවරයින් පවසයි.

Read More

දුම්රිය රියදුරන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ අනුව ඇතැම් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාංකික මහාචාර්යයවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නවෝත්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකතන යෙදුමක් ඩොලර් මිලියන 179කට අලෙවි වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

Read More

රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛප්‍රකාරව වගා කිරීම සඳහා ගම්වල ගොවීන්ට ලබා දීමට රජය නියෝග කර ඇති බැවින් කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

ගල් අඟුරු ගෙන්වීම සඳහා වන ටෙන්ඩරය රජය විසින් අවලංගු කර තිබෙන බවත්, ඒ අනුව රජයට කිසිදු පාඩුවක් සිදු වී නොමැති බවත් එම අවස්ථාවේ කරුණු පැහැදිලි කරමින් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

මම කරපු චෝදනාවලට පිළිතුරු දෙන්නේ නැතිව මම ගෙවන්න තියෙනවා කියපු ලයිට් බිලක් අරගෙන ඒකට ගහන්න පටන් ගත්තා. මේකට අමාත්‍යවරයෙක් සම්බන්ධයි. ඒ් වගේම සමාජ මාධ්‍ය හසුරුවන කලාකරුවෙක් ඉන්නවා කියලත් චෝදනාවක් තියෙනවා. මේ තොරතුරු ඒක්ක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ.

Read More

බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑමට ගොස් අත්අඩංගුවට ගත් තරුණයා ඇපමත මුදා හරින ලෙස මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝසප් ප්‍රනාන්දු මහතා (9) නියෝග කලේය.

Read More

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මාතලේ - ලේනදො - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආධාර පිණිස පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාරලක්ෂ පන් දහසකට අලවි වූ බැවි සංවිධායක මණ්ඩලය කියයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වෙනි යුද හමුදා දිනය නිමිත්තෙන් නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එමඋසස්වීම් ලබාදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.