ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගි වීම සඳහා යද්දී, අමාත්‍යවරයා මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය.
අමාත්‍යවරයා සිය මෝටර් රථයෙන් බසින අවස්ථාවේදී පොලිස් නිලධාරියා අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තබා තිබේ.
පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බව වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කළේය.