මීගමුව, කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී නර්තනයේ යෙදුණු පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කල අතිසුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 ක ට විකිණීමට පැමිණි එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ මෝටර් රථය අද (13දා) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
Read Moreවරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහි දී මින් පසු සෑම නඩු දිනයකම පැමිණෙන ලෙසත් තරයේ අවවාද කර මුදාහැරීමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
Read Moreඅලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක්පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය සිද්ධිය සම්බන්ධපුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.
Read Moreලෝක ළමා දිනයට සමගාමීව දකුණු සුඩානයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමයින් සඳහා පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරිණි.
Read Moreරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (13දා) වරෙන්තු නිකුත් කළේය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ මවගෙන් වෙන් වි අතරමංව සිටි දින 10 පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා යළිත් මව වෙත යොමු කිරීමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගැණින.
Read Moreමුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී විනාඩි 10ක් කලින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ඒම තීරණය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
Read More2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවදුරටත් සෘණ අගයක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 3ක් පමණ වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
Read Moreවිවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක මෙම සහල් තොග ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
Read Moreදරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.
Read More“එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreසෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල විශාල වශයෙන් විදෙස් ගතවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බැවින් ඒ පිළිබදව කඩිනමින් අවධනය යොමු කළ යුතු බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ භූමි මෙහෙයුම් කටයුතු සදහා බලපත්‍රය ලබා ගැනීමට සමත් වූ අතර , ඒ සදහා වූ මෙහෙයුම් බලපත්‍රය ලබා දීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද (12දා) කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ උපදේශකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතාව පත් කර තිබේ.
Read Moreනිති විරෝධි අන්දමින් ජපානයේ සිට මෙරටට ගෙනවිත් වයික්කාල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කිරිමේ ස්ථානයක සගවා තිබු මිල අධික විවිධ වර්ගයේ ලිටරයේ ප්‍රමාණයේ විස්කි බෝතල් 126 ක් සමග ව්‍යාපාරිකයෙකු ඊයේ (11දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreකෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පසුගිය කාලයේ දී අනාවරණය කළ බැවින් ඔහුට එම කමිටුව ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව සලසා දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
Read Moreමාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මන සියලු දෙනාට ආදයම් බද්දක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒසේම මාසික ආදායම රුපියල් ලක්ෂ 25 ඉක්මන අය වෙනුවෙන් සියයට 36ක ආදායම් බද්දක් අය කිරීමට නියමිතය.
Read Moreත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊච්චන්තිව් ගම්මානයේ ජනතාව 1969 වසරේ සිට ඉඩම් අක්කර177ක් වගා කටයුතු සදහා යොදාගත් අතර උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුධමය වතාවරණය හමුවේ 1983 සිට වගා කටයුතු අතහැර දමා තිබුණද යුද්ධය අවසන්විමෙන් පසු එම ජනතාව තම ඉඩම්වල පදිංචි සදහා පැමිණියද එහි වගා කටයුතුවලට තහංචි පැනවිනි.
Read Moreඅහුන්ගල්ල ගාලු පාරේ දී අද (12දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කල බව අහුන්ගල්ල පොලිසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.
Read Moreමල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට ගීතයත් රුපියල් 5000 කට පොල් ගෙඩි හාරදහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසියේ අලවි වූ ඉතා දුර්ලබ අවස්ථාවක් දඹුල්ල කිරලැස්ස ග්‍රාමයෙන් 12 දින අලුයම් කාලය වන විට වාර්තා විය.
Read Moreමුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (13දා) සිට වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
Read Moreමේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
Read Moreයල කන්නයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ ලැබුනු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් බෙදා හැර ඉතිරිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34,000කි. එම ප්‍රමාණයත් , තවත් සති දෙකකින් මහ කන්නයේ දී පොහොර ටෙන්ඩරය යටතේ මිල දී ගන්නා ලද මෙට්‍රික් ටොන් 12750ක යුරියා පොහොර ප්‍රමාණයත් නිසා වගාවේ පළමු යුරියා පොහොර යෙදුම සඳහා කිසිදු බාධාවකින් හා අඩුපාඩුවකින් තොරව ගොවීන්ට පොහොර ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැ
Read Moreමෙහිදී ශ්‍රී ලංකා පො.ජ.පෙ.05, එ.ජා.ප. 02 ශ්‍රී .ල.නි. 2 ලෙස පක්ෂව ඡන්ද ලැබුණු අතර ස.ජ.බ. 06 ,ජ.වි.පෙ.02 ,පො.ජ.පෙ.09 ශ්‍රී.ල.නි.ප.01ලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත.ඒ අනුව වැඩි ඡන්ද 09කින් අද අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වු අයවැය පරාජයට පත්විය.
Read Moreදැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. ඒ ඊයේ (11) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි.
Read More2023 සඳහා ගෝලීය වර්ධන පුරෝකථනය 2.7% දක්වා අඩු කළ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය ජූලි මස පුරෝකථනයට වඩා 0.2% ප්‍රතිශතයක් පහත දමා ඇත.
Read Moreලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් සමාගම පවසයි.
Read More