සූදුව දැලිපිහි පහරකින් කෙළවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
දම්බරාව ප්රදේශයේ මළගෙදරක දී විශ්රාමික යුදහමුදා නිළධාරියකු සහ ඔහුගේ පුතාව දැලිපිහියකින් කපා දමා බරපතළ තුවාල සිදු කලැයි සැකපිට පුද්ගලයකු පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ දම්බරාව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .
දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු මහියංගණ දම්බරාව ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි විශ්රාමික යුදහමුදා නිලධාරීයා සහ 21 හැවිරිදි පුතා මහියංගණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
මෙම පියපුතු දෙපල රාත්රි දම්බරාව ප්රදේශයේ මළගෙදරකට ගොස් ඇති අතර ,එහිදී සූදුපොලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ දැලිපිහියකින් පිය පුතු දෙපළ කපා දමා ඇතැයි පොලිසිය සදහන් කළේය .
දැලිපිහියකින් කැපීම නිසා පියාගේ හිස, ගෙල ප්රදේශයේ සහ දකුණු අතකට ද, පුතාගේ පපුව ප්රදේශයටද කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්රකාශයකු පැවසූහ .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහකාර පොලිස් අධිකාරි 111 පී .ඩබ්ලිව් එස් ජී පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රොහාන් විජේරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල- ප්රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

