කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (27දා) නිකුත් කළ කාළගුණ අනාවැකියට අනුව අද (27දා) බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර , මහනුවර හා නුවරඒළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද, ඌව හා වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත්,ස්ථාන ස්වල්පයක සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුලං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශළු පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.