අවුරුදු කාල සීමාව තුළ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන මහා මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අතරමැදියන්නොවන නිෂ්පාදකයන් සඳහා එළැඹෙන පළමු වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ප්‍රා දේශීය ලේකම්වරුන්ගේ අවසරය ලබාගත යුතු බවත් ඔහු පැවැසීය.
“අවුරුදු කාලසීමාව එනවා පළමුවැනිදා සිට 12 වැනිදා දක්වා මහා මාර්ග අමාත්‍යාංශය විසින් මාර්ගය දෙපස තමන්ගේ නිශ්පාදන අලෙවි කිරීම සඳහා නිෂ්පාදකයන්ට අවස්ථාව දෙනවා.
මාර්ගය දෙපස මාර්ගයට අවහිර නොමැති පරිදි මෙය සිදුකරන්න අවස්ථාව දෙනවා. ලංකාව පුරාම මාර්ග දෙපස තම නිෂ්පාදන එළවළු, පළතුරු අතරමැදියන්ට නෙමෙයි නිෂ්පාදකයන්ට ප්‍රා දේශීය ලේකම්වරයා හරහා ඉල්ලීම් කළොත් අවස්ථාව ලබාදෙන්න කටයුතු කරනවා."