සති කිහිපයක සිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතත් එහි වාසිය මේ වන තුරුත් පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතර එළවළු සහල් සීනි පරිප්පු කිරිපිටි මිරිස් තිරිිරිගු පිටි ආදි ආහාර රැසක මිල සීග්‍රයෙන් අඩු වී ඇති බව තොග වෙළඳුන් ද පවසති.
සිංහල අලුත් අවුරුද්ද සඳහා ජනතාවට මෙම වාසිය ලැබේ දැයි සොයා බැලීම් සඳහා පාරිභෝගික ජනතාවගෙන් මේ පිළිබඳව විමසන්නට උනෙමු
බොහෝ ජනතාව කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම නාගරික ප්‍රදේශ වලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවූ බව තමන් ජනමාධ්‍ය හරහා දැන ගත්තද මෙතෙක් එහි වාසිය ජනතාවට ලැබී නැති බවයි.
පාරිභෝගික අධිකාරිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම සහ රජය ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා කූට වෙළඳුන් ජනතාව සූරා කන බව ඔවුහු පවසති.
එමෙන්ම මිල වැඩිවූ සැණින් විශාල වශයෙන් ඉහළ දැමුවද අඩුම තරමේ තේ කෝප්පයක කිරි තේ එකක ආහාර පැකට්ටුවක මිල අඩු වී නැතැයි ද ජනතාව පෙන්වා දෙති.
අලුත් අවුරුද්ද සූදානම පිළිබඳව ද මෙසේ හමුවූ ජනතාවගෙන් අප විමසීමක් කළෙමු, එහිදී බොහෝ දෙනෙකු කියා සිටියේ මෙවර සිංහල අලුත් අවුරුද්දට ට තවමත් සූදානමක් නොමැති බවයි.
අවුරුදු සැමරීම සඳහා ආර්ථික ප්රශ්නය විශාල වශයෙන් බලපා ඇතැයි එම ජනතාව පෙන්වා දෙන්නට වූහ.
එමෙන්ම ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග වෙළෙඳ සැල් වලින් විමසීමේදී වෙළඳ සැල් හිමියන් සහ සේවකයන් කියා සිටියේ සති තුනක පමණ කාලයක සිට වීශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවී ඇති බව ය.
අඩු වූ එම මිල ගණන් යටතේ තොග සැපයුම් සිදු කරන බවත් ඔවුන් පවසති. කෙසේ වෙතත් කිරිපිටි හිගය රට පුරා තවමත් ක්‍රියාත්මක වන බවද තොග වෙළෙන්දෝ පවසති.
