අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.
මඩපොහොර බෙදාහැරීම සම්බන්ධව දෛනික ප්‍රගති වාර්තාව කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දෙමින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.
කොමර්ෂල් පොහොර සමාගම මගින් මඩපොහොර මෙට්‍රික් ටොන් 15,000ක් බෙදා හැරීමට නියමිත අතර ඉන් මෙට්‍රික් ටොන් 14,000ක් දැනටමත් බෙදාහැර අවසන් කර තිබේ.
මේ අතර ලංකා පොහොර සමාගම ලබන බදාදා වනවිට එම සමාගම මගින් බෙදා හැරීමට නියමිත මඩ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 21,000 බෙදා හැර අවසන් කිරීමට සැළසුම් කර තිබේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මස 10 දින වනවිට සියලුම ගොවීන්ට මෙම පොහොර බෙදා හැර අවසන් කිරීමට සැලසුම් කර ඇත.