වෙනම දේශපාලන න්‍යාය පත්රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනු ලබන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කර සිටින්නේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ගුරුවරුන්ට අයිතිය තියෙන නමුත් ඒ වෙනුවෙන් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම සිදු නොකළ යුතු බවයි.
දරුවන් ප්‍රාණ ඇපකරුවන් කර නොගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දිය යුතු උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස ද ඇමතිවරයා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට 2023 වසර සඳහා පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් ලබා දීමේ උත්සවයට පසුගිය සිකුරාදා (24) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
“ගුරුවරුන්ව දේශපාලන න්‍යාය පත්රවලට ගන්න හොඳ නෑ කියන එකමම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. මොකද මගේ අම්මත් ගුරුවරියක්. අපි දේශපාලනය කරන පවුලක් නමුත් අපේ අම්මා කවදාවත් දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන්නේ නෑ. මම හැමදාම ගුරුවරුන්ට ගුරු ගෞරවය දී කටයුතු කළා.
3,4 ශ්‍රේණිවල අකුරු කියවන්න පුළුවන් දරුවන් ප්‍රමාණය කොපමණ සිටිනවාද කියා සමීක්ෂණයක් සිදු කළ බව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. 3,000ක් අතරින් බලනකොට 30ක් 40ක් ප්‍රමාණයක් තමයි හරියට කරන්න පුළුවන් අය ඉන්නේ කියලා සමීක්ෂණයෙන් හෙලි වී තිබෙනවා. දෙමාපියන්ට පුංචි බයක් දැනෙන්නේ නැද්ද තම දරුවන් ගැන. මට නම් බයක් ඇතිව තිබෙනවා. අපි දරුවන්ගේ අධ්‍යාපනයට මොකක්ද මේ කරන්න හදන්නේ කියලා.
දරුවන්ව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගන්න එපා කියලා ජනාධිපතිතුමා කියා සිටියා. අද වෙලා තියෙන දේ ගැන කණගාටුවෙන් වුණත් කියන්න සිදු වෙනවා. අද ගුරුවරුන් පාලනය කරන්නේ වෙනම දේශපාලන න්‍යාය පත්රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායම්. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ගුරුවරුන්ට අයිතියක් තියෙනවා. ඉතිහාසයේ ගුරුවරුන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව දරුවන්ගේ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී සිටියා. කොවිඩ් වසංගත කාලයේ ගුරුවරු වැඩි පඩි ඉල්ලලා පාරට බැහැලා කටයුතු කළ යුතු ආකාරය අපි දැක්කා.
වෘත්තිය සමිති තමන්ගේ නියෝජිතයින් වෙනුවෙන් තමන්ගේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී ඉදලා ඔවුන්ගේ අයිතිවාසිකම් රකින්න ඕනි. දරුවන්ව ප්‍රාණ ඇපේට තියා ගන්න හොඳ නෑ. මේ දරුවෝ තමයි රටේ අනාගය භාර ගන්න ඉන්නේ. අද බලන්න වෘත්තිය සමිති මොකක්ද කරන්නේ කියලා. පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් සාමන්‍ය පරිදි සිදු කෙරෙනවා.
සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ දරුවෝ ඒ පාසල්වලට යනවා. ඒ දරුවන්ට බාධාවක් නෑ. අපේ දරුවෝ යන පාසලේ ගුරුවරු ටියුෂන් කරලා දරුවන්ට අධ්‍යාපනය දෙනවා. පාසල් තුළ අධ්‍යාපනය නෑ, පාසල් වහලා. මොකක්ද මේ කරන්න හදන්නේ. අධ්‍යාපනය කියන්නේ වෙනම දෙයක්. විදුහලේ පරිපාලන අයිතිය විදුහල්පතිට ලබා දෙන්න ඕනේ. අවශ්‍ය ගුරුවරු තියා ගන්න දෙන්න ඕනේ. ප්‍රතිඵල පෙන්වන්න උනන්දු කර වන්න ඕනි.
ගුරුවරු හැමදාම උදේම පාසලට ගිහින් හවසට එනවා. හැමදාම එකම විදිය. ඒ ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන්න වැඩපිළිවෙලක් කරන්න කියලා දවසක් මගේ අම්මා මට කිව්වා. මම ඒක උපදේශක මණ්ඩලයට කිව්වම මේක කළ යුතු දෙයක් කියලා ඔවුන් එය අනුමත කළා. විව් කමිටුවක් තිබ්බා ඒකට මේ වැඩසටහන දැම්මා.
ඒකේ හිටියා වෘත්තිය සමිති කිහිපයක් දාපු ගමන් ඒ වැඩේට විරුද්ධ වුණා. උපදේශක මණ්ඩලය කිව්වා ඔබතුමා තනි තීන්දුවක් අරගෙන කරන්න මේකේ හොඳ ප්‍රතිඵල ඔබතුමාට දරන්න පුළුවන් කියලා. අපි ප්‍රාථමික පුහුණු වැඩසටහන් කළා. බස්නාහිර පළාතේ ගුරු වැඩ වර්ජනයක් ගියා. කැමැති අය කරන්න අකමැති අය කරන්න එපා කියලා මාත් එක්ක කතා කරන්න ආපු අයට කිව්වා.
ප්‍රාථමික ගුරුවරු දාලා ඒ අයගේ දැනුම යාවත්කාලීන කරලා වැඩසටහන ඉවරවෙන කොට මේ ගැන ප්‍රතිචාර දක්වන්න කියලා කොළයක් බෙදුවා. අවුරුද්දකට සැරයක් මේක කරන්න කියලා 99% කිව්වා. වැඩසටහන කරන්න බෑ කියපු ගුරුවරු ගිහින් අන්තිමට ඒ වැඩසටහන කළා. ඇයි ඒ? ගුරුවරුන් කැමැතියි ඒ ක්ෂේත්රය තුළ ප්‍රවීණයෝ වෙන්න. සෑම ක්ෂේත්රයකම තරගයක් තියෙනවා.
අද වෘත්තිය සමිති ග්‍රහණයට අහුවෙලා ගුරුවරු බයෙන් ඉන්නවා. ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට ගියේ නැත්තම් තමන්ගේ මාරුව කර ගන්න බැරිවෙයි, තමන්ට මාරුවක් ලැබෙයි කියලා. අද මාරුවීම් කරන්නේ දේශපාලන අධිකාරිය නෙමෙයි වෘත්තිය සමිති.” යනුවෙන්ද පැවසීය.