උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 03 ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුලා ගන්නා ලෙසටත් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නවත්වන ලෙසටත් රජයට බලකරමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව ඊයේ (25දා) දැවන්ත විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.
මන්නාරම මහජන ක්රීඩාංගනය අසලට රැස් වූ විරෝධතාකරුවන් පෙලපාලියකින් මන්නාරම බසාර් වීදිය හරහා බස්නැවතුම්පල ඉදිරියට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවය වෙනුවෙන් මන්නාරමේ සියලුම ධීවර සංගම් නියෝජිතයින් මෙන්ම විරෝධතාවය පැවති අවස්ථාවේ මන්නාරම් නගරයේ පිහිටි සියලු වෙළඳසැල් වසා වෙළඳ සංගම් නියෝජිතයින්ද සහභාගී වූ අතර තවද මන්නාරම් රදගුරු නිවාසයද ඊට සහය පලකරමින් පියතුමන්ලා රැසක්ද සහභාගී වූහ.
