මට කීය කීය හරි දෙන්න
පාස්කු ප්රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ගෙවීමට නියම වූ රු. කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක කාලයක් පමණක් බවත් මේ වන විට තම හිතවතුන්ගෙන් මුදල් එකතුකරමින් සිටින බවත් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
“මේ රට හොඳ ප්රජාතන්ත්රවාදී රටක් බවට පත්කරගෙන යන කොට තමයි ඔය පාස්කු ප්රහාරය එල්ල කරලා මාව නැත්තටම නැති කළේ. ඊයේ පෙරේදා මට කෝටි 10කුත් ගෙවන්න කියලා නියෝග කළා. නමුත් නඩු තීන්දුවේ පැහැදිලිව කියලා තියෙනවා මේ ප්රහාරය ගැන ජනපතිවරයාට කිසිම ආරක්ෂක නිලධාරීයෙක් දන්වා නොමැත කියලා.
එහෙනම් ඇයි මට කෝටි 10ක් දඩයක් නෙමෙයි වන්දියක් ගෙවන්න සිදු වුණේ. නඩු තීන්දුවේ පහැදිලිව කියලා තිබෙනවා ජනපතිවරයා විසින් පත්කරනු ලැබූ නිලධාරියෙකු බරපතල වරදක් කළහොත් ඒ බරපතල වැරැද්දට ජනපතිවරයාද වග කිව යුත්තේය කියලා.
ඒ නිසා මටත් කෝටි 10ක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මම හොරකම් කරලත් නෑ, බෝම්බ ගැහුවෙත් නෑ, සහරාන් එක්ක සම්බන්ධතා පැවැත්වූයෙත් නෑ. මම දැන් මේ දවස්වල කෝටි 10ක් එකතු කරනවා මගේ හිතවතුන්ගෙන් පුළු පුළුවන් අයගෙන්.
මට කීය කීය හරි දෙන්න. මට හය මාසයයි දීලා තියෙන්නේ තුන් මාසයක් ඉවරයි. තව තුන් මාසයි තියෙන්නේ. ඊට පස්සේ උසාවිය මට මොකක් කරයිද දන්නේ නෑ. මොකද මම නීතිය ගැන විශාරදයෙක් නෙමෙයි.”
popular news
-
Nandana Monday, 27 March 2023 08:26 AM
Parana kadichcha putuwak thiyanawa, onemanum dennam
Reply : 0 0
Sunil Rathnayake Tuesday, 28 March 2023 04:09 AM
Mohu lankawe dasaweni kotipathiya bawa u tube nalikawaka thibuna. Wathkama $ 14 M bawa sandahan kala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

