බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (17දා) දින ප්‍රකාශ කළේය.
වී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත් අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වළක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව අවධාරණය කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreවිදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම කිසිදු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreධුරයෙන් ඉවත්ව ගිය ජනපතිවරයා වෙනුවෙන් වාහන 19ක් ලබාදී ඇති බවත් ඔහුගේ ආහාර පාන වෙනුවෙන් මසකට රුපියල් 950000ක් පමණ රජය විසින් වැය කරන බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් තමන් ලබාගත් දත්ත අනුව පෙනෙන්නට තිබෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙක් ප්‍රශ්න කරනු ලැබිය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreපාස්කු ප්‍රහාර නඩුව අනුව තමන්ට ගෙවීමට නියම වූ රුපියල් කෝටි 10ක වන්දිය ලබා ගැනීම වෙනුවෙන් තමන්ට ආදරය කරන පිරිසගෙන් උපකාර බලාපොරොත්තු වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreනිදහස් දින සැමරුමක් අනවශ්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර ඇති බවත් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම ප්‍රාථමික මට්ටමේ බොළඳ සිතුවිල්ලක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreකොළඹ තුරඟ තරඟ ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (17දා) දහවල් සොයාගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි .
Read Moreආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොටවෙහෙර කැලේගම දිගැන්නෑව ප්‍රදේශයේ තරුණයකු ඔහුගේ සියා විසින් ඇඳ පොල්ලකින් පහර දී මරා දමා ඇති බව කොටවෙහෙර පොලිසිය අද (17දා) පවසයි.
Read Moreදලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීම චීනය විරෝධය දක්වන බව චීන නියෝජිත පිරිසක් මල්වතු මහා නායක හිමියන්ට ප්‍රකාශ කළේය. දලයා ලාමා තුමා ලංකාවට හෝ වෙනත් රටක් පැමිණීමට විරෝධය ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ආගමික ලෙස වෙස්වලාගෙන චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.
Read Moreපළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලෙසට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඑළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කිරීම , ඊයේ (16දා) දින සිදුවූ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරි කේ. කාන්දීපන් මහතා පැවසීය .
Read Moreමැතිවරණය ප්‍රකාශයට පත්කළහොත් ඒ් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමොරගහහේන ඔලබොඩුව කුඹුක වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
Read More2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කළේය. එසේ සහතිකය සටහන් කරන ලද්දේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.
Read Moreවිදුහල්පතිනිය ගුරුවරයෙකුට බැන වැදුනේ යැයි පවසමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් අද (17දා) උදේ සිට රාජකාරීවලින් බැහැරව විදුහල් බිමෙහි තැන් තැන්වල රැදී සිටියහ.
Read Moreපඩි ගෙවීම තමයි අපිට තියෙන ප්‍රධානම කාරණය. එක දිනයේම ගෙවන්න බැරිවුණත් අපි දින දෙකකි
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කිසිදු යටි අරමුණකින් තොරව චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බව ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හු වෙයි මහතා පවසයි.
Read Moreමහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරියාව එම ක්‍රීඩාන්ගනයේ ක්‍රීඩාගාරය තුළදී ඝාතනය කොට තිබියදී හමුවූ බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවෙ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තීරණය කර තිබේ.
Read Moreකිව්. ආර්. කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreකැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දුන්නත් ඒ් සඳහා කොමිෂම ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් දැනුම් දීමක් කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සියලුම අමාත්‍යාංශ වෙත වෙන්කළ මුදල් වලින් සියයට 1ක් කපා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාණ්ඩලික නොවන නිලධාරීන්ට ප්‍රථමයෙන් වැටුප් ගෙවනවා. විශ්‍රාම වැටුප දිනක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. කෙටි පමාවක් වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප් ගෙවීම පමා වෙන්න පුළුවන්. දිනක් දෙකක් සතියක් වැනි පමාවක් වෙන්න පුළුවන්. හරියට නියමිත දිනට රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. පළමු අවස්ථාවට තමයි මේ දේ වෙලා තියෙන්නේ. සල්ලි අච්චු ගහලා ගෙවන්න බැරි නිසා මේ දුෂ්කරතාව ඇති වෙනවා
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්නම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතිහාසගත තීන්දුවක් බවත් ඒ් රහා විධායක ජනපතිවරයාගේ වගකීම් වඩාත් පැහැදිලි කර දීම විශේෂයෙන් අගය කරන බවත් හිටු ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබොරැල්ල පෞද්ගලික රෝහලක් තුළ සිදුවු වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙක් හා එම ජාවාරමට ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
Read More