අභිනවයෙන් පත් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අද (15) සිය රාජකාරි රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා සංකීර්ණයේ ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කරනු ලැබීය.
ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සිය රාජකාරි ආරම්භ කරනු ලැබුවේ සිය මාසික වැටුප රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අඩු ආදායම් ලාභි දරුවන් වෙත පරිත්‍යාග කරමිනි.
ඊට අදාළ ලිපිය ප්‍රධාන ලේකම්වරයා වෙත මෙදින (15) ලබා දෙනු ලැබීය.
එම ලිපියේ සඳහන් වන්නේ “ මවිසින් අද දින සිට සබරගමුව පළාතේ ගරු ආණ්ඩුකාරවරයා ලෙස ධූරයේ රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් ලබන වැටුප සබරගමු පළාතේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සුභ සාධනය උදෙසා වියදම් දැරීමට අපේක්ෂා කරන බැවින් එම වැටුප මාසිකව ඒ වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් වෙත බැර කිරීමට කටයුතු කරන ලෙසය.”
මෙදින සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා රත්නපුර ඵෙතිහාසික සුමන සමන් දේවාලයට ගොස් ආශිර්වාද ගනු ලැබීය.
