යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයක් තුල නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ගම්න ආරම්භ කොට ඇත.
මෙම ලෝක වාර්තාවක් තැබීමට උත්සහ ගන්නා නිවුන් සොහොයුරන් වන්නේ ආර්. ඒ විග්නේශ්වරන් සහ ආර්.ඒ දයාබරන් වන අතර ඔවුන් දෙදෙනා යාපනය කොටුව ඉදිරිපිටින් ගමන් ආරම්භ කරන්නේ නොනැවතී ගාලු කොටුව දක්වා ගමන් කිරීමටය.
කිලෝමීටර් 550 කට අධික දුරක් මෙම නිවුන් සොහොයුරන් ගමන් කිරීමට නියමිතව ඇති අතර ඔවුන් යාපනය ඒ-9 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුරයේ සිට පුත්තලම දක්වා ද පුත්තලමේ සිට මීගමුව දක්වා පැමිණ මීගමුවේ සිට කොළඹ දක්වා ද ඊට පසුව ගාල්ල දක්වා ද ගමන් කිරීමට නියමිතව ඇත.
නිවුන් සොහොයුරන් දෙදෙනා බගවන්තලාව, කොටියාගල ප්රදේශයේ පදිංචි වන අතර දින තුනක් අඛණ්ඩව ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවීමට උත්සහ ගන්නා මෙම සොහොයුරන් හට පාර්ලිමේන්තු මන්ත්රි මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීමකට අනුව මේ සඳහා ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද පූර්ණ අනුග්රහය ලැබී ඇත.
