”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට ඉවුම් පිහුම්” ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14දා) තීරණය කළේය.
”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට ඉවුම් පිහුම්” ග්‍රන්ථයේ කර්තෘත්වය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණ දුන් තීන්දුව අභියෝගයට ලක්් කරමින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පිළිගනිමින් අදාළ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඞී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ තීන්දව ප්‍රකාශයට පත් කළේය.
සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ධර්මා සමරනායක මහත්මිය නම් කොට තිබිණී.
”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට පියුම් පියුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය තමන් සතු බවට එහෙයින් අදාළ කෘතියේ කර්තෘ භාගය තමන්ට හිමිවිය යුතු බවත් ස`දහන් කරමින් ධර්මා සමරනායක මහත්මිය සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේදී කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණී.
ඒ සම්බන්ධයෙන් පැවැති විභාගයේදී සරසවි ප්‍රකාශන සමාගම කරුණු ඉදිරිපත් කරමින් ”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට පියුම් පියුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවත් සමරනායක මහත්මිය කළේ අදාල ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබිණී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ ග්‍රන්ථයේ කතෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බව තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණය බුද්ධිමය දේපල පනත යටතේ සමරනායක මහත්මියට ගෙවීම් කරන ලෙස සරසවිය ප්‍රකාශන සමාගමට නියම කළ අතර අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණී.
කොළඹ වාණිජ මහාධිකරණයේ තීන්දුව බළරහිත කරන්නැයිි ඉල්ලමින් එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම අභියාචනයක් ඉදිරිපත් කළ අතර දීර්ඝ වශයෙන් විභාග කළ එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයේ කර්තෘත්වය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණ ප්‍රකාශයට පත් කළ තීන්දුව දෝෂ සහිත බව තීරණය කරමින් එම තීන්දුව ඉවත දැමීමට නියම කළේය.
වාණිජ මහාධිකරණ තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන සමාගම ඉදිරිපත් කළ අභියාචනය පිළිගනිිමින් ”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට පියුම් පියුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 25000/- ක නඩු ගාස්තුවක් පෙත්සම්කාර සරසවි පුවත්පත් සමාගමට ගෙවීමට වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියම කළේය.