මාස තුනක බිළිදියක් දරුකමට හදා වඩා ගැනීීම සඳහා මුදලට ගැනීමේ චෝදනාවට වරද පිළිගත් දරුවන් නොමැති අඹුසැමි යුවළකට අත්හිටවු සිරදඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා රුපියල් 20000/-ක දඩයකටද ඔවුන් යටත් කළේය.
මීට වසර 18කට පෙර නීතීය නොදැන කළ වරද සම්බන්ධයෙන් විත්තිකාර යුවළ පසුතැවෙන බව කියමින් නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවනන්ට නියම කළ වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයක් සඳහ අත්හිටුවීමට නියම කළේය.
2005 ජූලි මස 24 වැනිද හෝ ඊට ආසන්න දිනයක කොළඔදී මාස තුනක් වයසැති බාළවයස්කාර බිළීඳියක් රුපියල් 25000/-ක මුදලකට මිලදී ගැනීම යන චෝදනාව යටතේ විත්තිකාර අඹුසැමි යුවළට එරෙහිව නඩු පවරා තිබිණී.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර අඹුසැමි යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මීට වසර 18කට පෙර නීතීය නොදැන කළ වරද සම්බන්ධයෙන් පසුතැවෙන්නේ යැයිද එහෙයින් ඔවුන්ට ලිහිල් දඩුවම් නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු ඉදිරිපත් කරමින් බිළීඳියගේ මව කළ පැමිණීල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු පොලිසිය විත්තිකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි කීවාය.
මෙම නඩුවට පාදක වු මාස තුනක් වයසැති බාළවයස්කාර බිළීඳිය මුදලට විකිණීම සම්බන්ධයෙන් බිළිඳියගේ පියාට සහ තවත් කාන්තාවකට එරෙහිව මෙම නඩුවෙන් චෝදනා එල්ල කොට තිබුණත් මේ වන විට ඔවුන් දෙදෙනා මියගොස් ඇතැයි පෙන්වා දුන් රජයේ නීතීඥවරිය අධිකරණයට සුදුසු යැයි හැගෙගෙදඬුවමක් විත්තිකාර යුවළට නියම කරන්නැයිි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීීමෙන අනතුරුව විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.