ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 12ක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව සහල්, තිරිඟු පිටි, හාල්මැස්සන්, ලොකු ලූණු, වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල මෙසේ අඩුකර තිබේ.
යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමිකරුට රුපියල් 80,000 ක දඩමුදලක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට ඇත.
Read Moreනීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පුද්ගලික සමාගමක් නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු පෙරේදා (17දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී
Read Moreමට අද විනාඩි පහලොවක් තිබුණත් මට ලැබුණේ විනාඩි 13යි. අප කීප දෙනෙකුට කාලය නැතිවෙනවා. විපක්ෂනායකතුමාට කාලය දීපුවාම එතුමා මේක කියවනගෙන කියවගෙන යනවා කාලය අරගෙන. උදේ දහය වෙනකම් කථා කරනවා. සමහර වෙලාවට විපක්ෂනායකතුමා පැයක දෙකක් කථා කරනවා. මෙකෙන් අපේ වරප්‍රසාද නැති වෙනවා. මෙකෙ කියවන්න ගියාම අපේ කාලයෙන් අඩු වෙනවා. විපක්ෂනායකතුමා කථා කරන්න ගත්තාම මයික් ටයිසන් වගේ. මෙකක්ද මේ. කියවිල්ල ඉවරයක් නෑ
Read Moreවිල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරූ රක්‍ෂිතයේ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා අනවසර ඉදිකිරීම් කිරීමට එහි අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් එළි කිරීම නීතිවිරෝධි බව තීන්දු කරමින් හානි වූ රක්ෂිත ප‍්‍රදේශ වලට සමාන වපසරියකින් යුතු වෙනත් ප‍්‍රදේශයක රුක් රෝපණ වැඩසටහනක් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන්ගේ මුදලින් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා ඒ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19දා)
Read Moreනාසා සහ බෝයිං මෙම දශකය තුළ වායු විමෝචනය අඩු කරන ගුවන් යානයක් තැනීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා තිරසාර ගුවන් ගමන් නිරූපණ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු අරඹා තිබේ.
Read Moreමැතිවරණයකට වියදම් කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවට ඉදිරිපත් වන තර්කය වැරදි තර්කයක් බව පවසන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කරුණු තුනක් පදනම්ව එය ආර්ථිකයට ධනාත්මකව බලපාන බව ද පවසයි.
Read Moreඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (19දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreමොරගහහේන ගෝනපොල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් ගජමුතුව, දුර්ලභ වර්ගයේ ගජමුතුවක් බවට වාර්තා වූ බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.
Read Moreකියෙව් වෙත සහාය දැක්වීමට ඇති උනන්දුව නැතිවීමට එරෙහිව පෝලන්ත අගමැති බටහිර නායකයින්ට අනතුරු අඟවා තිබේ.
Read Moreමේ පනත මේ මැතිවරණයට බලපාන්නේ නැතිව සම්මත කරනවානම් අපි සහාය දෙනවා. මේ පනතට හරි ලස්සන දවටනයක් ගෙනාවා. දවටනය හොඳයි අරමුණ වස ගුලියක්. ඉතා හොඳ දවටනයක ඔතන ලද වස ගුලියක් මේ පනත
Read Moreඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ගුජරාට් ප්‍රාන්තයේ අග නගරය වන අහමදාබාද් හි තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහි දී අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මුණ ගැසුණ අවස්ථාව මෙහි දැක්වේ.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (19දා) සිදු කෙරිණි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලියාදුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිලධාරීන් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මහජනතාව අපහසුතාවයට පත්වී ඇති කරුණු තුනක් පදනම්ව එළැඹෙන 23 වැනි දින සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
Read Moreදකුණු කළුතර දුම්රිය ස්ථානයේ අද (19දා) උදෑසන දුම්රියක් පීලිපැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.
Read Moreපානදුර බණ්ඩාරගම මාර්ගයේ අලුබෝමුල්ල ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රී තරුණ තරුණියන් 6 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් වැඩිහිටි නිවසක් ඉදිරිපිට තිබෙන තාප්පයක ගැටීමෙන් හය දෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව අලුබෝමුල්ල පොලිසිය පවසයි
Read Moreපවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය - වන ජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්, ජීවන් තොණ්ඩමන් මහතා - ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
Read Moreවිදේශගතවන පුද්ගලයන්ගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් වත්මන් රජය විසින් පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
Read Moreපාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 දා හා ජූලි 9 දා ඇතිවූ සිද්ධීන් මාලාවතුළදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටළු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP ව්‍යාපෘතිය තීරණය කර තිබේ.
Read Moreආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ලංකාවේ පළමු චිත්‍රපට නිෂ්පාදිකාව ලෙසද ඇය සැලකෙයි.
Read Moreරසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘපනිසලාගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
Read Moreමොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය සභාව සඳහා 2023 පළාත් පාලන මැතිවරණයට දිරිපත්වීමට සුදානම්ව සිටි රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට එම මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් දැනුුුුුම්දී තිබේ.
Read More’’මගේ දේශපාලන දිවියේ පළමු කථාව ලියලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා. ඒ 2005 ජනපතිවරණයේ කැස්බෑව රැස්වීමට’’
Read Moreසංවිධානාත්මක නිවන් සුව ප්‍රාර්ථනා කළා. මට දුක ඒක නෙමෙයි බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ නිවන් සුව කියන එකේ තේරුමවත් දන්නේ නැතිව එය උපහාසයක් විදිහට භාවිත කිරීම ගැන කනගාටු වෙන්න ඕන. නිවන් සුව ප්‍රාර්ථනා කරපු අය දන්නේ නෑ ඒ නිවන් සුව ප්‍රාර්ථනා කිරිමේ තියෙන බලාපොරොත්තුව කුමක්ද කියලා.
Read Moreනවසීලන්ත අගමැති ධූරයෙන් තමන් ඉල්ල අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කරයි. ඇය වසර හයකට ආසන්න කාලයක් නවසීලන්තයට විශිෂ්ඨ නායකත්වයක් ලබාදුන්නාය.
Read More2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණ මනාප ප්‍රතිඵල කලින්ම කියූ ප්‍රදීප් චානක පළාත් පාලන ඡන්දයේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන කළ සමීක්ෂණයේ ප්‍රතිඵල
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් වශයෙන් අරමුණු කරගත යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read More