හිටපු මන්ත්‍රී පිරිසක් බිය ගැන්වීම අහසට වෙඩි තියයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරෙයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක පි ඩි. අබයරත්න මහතා පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. එම ගිනි අවියට නිත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හොරණ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
Kumar Wednesday, 14 June 2023 03:54 PM
ahasata vedithabuwaama undaya arpasu polowata vatenney giniaviyen pitwena waygayata kittu wegayakini. Undaya hisakata vatunoth vediwaduna wagey thamyi. may hethuwe ahisaka kenek marenna puluwan. may wagey sithana aya dan lankawey nahaneda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

