වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පි ඩි අබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය
ඊට අමතරව විදේශ ගමන් තහනමක් පනවමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට ද ගිනි අවිය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නිය
සැකකාර සංවිධායකවරයා හොරණ පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට ඉකුත් 13 වෙනි දින පැමිණි අවස්ථාවේ මාස තුනක පමණ කාලයක සිට එම ඉඩමේ නැවතී සිටින අය විසින් මෙම ඉඩමට පිටස්තර පුද්ගලයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එසේ තිබියදී තිබිය දී සැකකාර සංවිධායකවරයා එම ඉඩමට ගිය අවස්ථාවේදී පිටස්තර පුද්ගලයන් කිහිපදෙනෙකු අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි අයුරු දැක ඔවුන් සමග බහින්බස් වීමක් හටගෙන තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එහිදී සංවිධායකවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබිණි
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර සුමිත් පොතුපිටිය