නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් කරනවට විරෝධය
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි , සැමුවෙල් බේකර් යන ආන්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ හා මහජනතාවගේ දැඩි විරෝධය.
ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලොව සුපතල නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් තම සංචාරය තුළ විශේෂ කාලයක් වෙන් කර ගන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයට පැමිණ එහි සුබපැතුම්පක් තැපැල් මගින් තමන්ගේ රටේ සිටින පවුලේ සාමාජිකයන්ට යැවීමටය.
මෙවන් වටිනාකම් වලින් හා මෙරටට විදේශ විනිමය ගෙන එනු ලබන ශ්‍රී ලංකාවට හා නුවරඑළියට මිල කළ නොහැකි සම්පතක් ලෙස එදා මෙදා තුර සැලකෙන නුවරඑළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයකට පවරා සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය , එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හා භාරයේදී වොයිස් ඔෆ් නුවරඑළිය ස්වේච්ඡා සංවිධානය ඔවුන්ගේ විරෝධතාවයන් නොයෙක් අන්දමින් මෙහිදී ප්‍රකාශ කර තිබිණ.
තැපැල් සේවකයන්ගේ සංගම් සියල්ල තමන්ගේ විරෝධතාවය තැපැල් කාර්යාලය අවට ස්ථාන කිහිපයක වචනවලින් ප්‍රකාශ කරමින් බැනර් ප්‍රදර්ශනය කරමින් පෙන්වා තිබුණු අතර නුවරඑළිය හඬ සංවිධානය මාධ්‍ය වෙත සිය විරෝධතාවය වාචිකව ප්‍රකාශ කරන්නට කටයුතු කරනු ලැබිය.

popular news
-
anta Thursday, 15 June 2023 08:21 AM
දනටත් මම හිතන්නේ එකේ නවතින්න පුළුවන්. කෙසේවෙතත් පසු ප්‍රදේශයේ කාමර සදා ඒ සඳහා යොදා ගත හැක. තැපැල් කාර්යාලය දැනට තියෙන අයුරින්ම පාවිච්චි කිරීම යෝග්‍ය බව මගේ හැගීමයි.
Reply : 0 0
anta Thursday, 15 June 2023 08:21 AM
දනටත් මම හිතන්නේ එකේ නවතින්න පුළුවන්. කෙසේවෙතත් පසු ප්‍රදේශයේ කාමර සදා ඒ සඳහා යොදා ගත හැක. තැපැල් කාර්යාලය දැනට තියෙන අයුරින්ම පාවිච්චි කිරීම යෝග්‍ය බව මගේ හැගීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

