saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4247 hours ago

LATEST

මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

calendar_today 2023 ජන 25 - 21:10 remove_red_eye - 1163  

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල ලෙස බව හැගවෙන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් අද (25දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26දා) සවස 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .

Read More

ගම්පොල බැංකු කොල්ලයට සම්බන්ධ නවීන වෑන් රථය පේරාදෙණිය ගලහා මංසන්ධියේ රියැදුරා සමග දමා ගොස් තිබියදී පොලීසිය මගින් අද (25දා) දහවල් සොයාගෙන ඇත.

Read More

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ සියයට 50 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාතිපතිවරයා හමුවේ අද (25දා) පැවසීය.

Read More

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6ක මිල නැවතත් පහළ දමා තිබේ. මෙම මිල පහත හෙළිම හෙට (26දා) සිට ක්‍රියාත්මක වේ.

Read More

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පහර දුන් බව පවසා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර ඊයේ(24දා) රෝහල් ගත වී ඇත .

Read More

අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25දා) පැමිණ තිබේ.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹෙයි.ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතවවැඩි වශයෙන් සිටින රටවල පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තම අත් පා රෙදිපටි වලින් ගැට ගසාගෙන අඩි විස්සක පමණ ගැඹුරු ළිඳකට පැන අසූ අට හැවිරිදි පුද්ගලයකු දිවි හානි කරගෙන ඇතැයි මාළඹේ පොලීසිය පවසයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත්වී ඇත.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (25දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදි ඔවුන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් ඉදිරිපත් කර තිබේ.

Read More

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ , විවිධ රෝගාබාධිත තත්වයන්ට ගොදුරු වී සිටි සහ මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ නිවෙස් වල මතු වී තිබූ ගැටළු මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 47 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් පිරිසක් අද (25දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Read More

බත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුයට වැටිමේන් පසු ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය දැවැන්ත දෝඹකරයක් ආධාරයෙන් පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට හැකිවු බව මුන්දලම පොලිසිය පවසයි.

Read More

කොළඹ පුරපතිධුරය සඳහා තරග වැදිමට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙනුවට හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම. ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ආනයනය කරන ලද මිලෙන් අඩු සහල් වර්ගයක්, බාස්මතී සහල් වශයෙන් ඇසුරුම් කොට වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඇසුරුම් කරන ලද සහල් උර 980 ක් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වේ.

Read More

නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.

Read More

සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.

Read More

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය

Read More

රටේ ජනතා පරමාධිපත්‍ය කෙළෙසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට විපක්ෂනායකවරයා ලෙස තමා නායකත්වය ලබාදෙන බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ දියත් කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Read More

ශ්‍රී ලංකාව සිය සියලු ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ඉදිරි මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

’’මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්‍රමුඛ අත්දැකීමයි’’ ඇය සඳහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.