දැනට තාවකාලිකව බර වාහන ධාවනය නවතා දමා ඇති නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කොටස යළි බර වාහන ධාවනය කිරීම සඳහා අවසර දෙන ලෙස නුවරඑළියේ බස් රථ සංගම් ඉල්ලා සිටිති.
2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
Read Moreමහරගම නගර සභාවේ සභාපතිවරයාගේ මහතාගේ නිළ රථයේ රෝද හතරට තියුණු ආයුධයකින් පහර දී බරපතළ හානි සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.
Read Moreසුව කරන්න බැරි රෝග වලට මෙතෙක් සොයාගෙන නොමැති බෙහෙත් වර්ග අලුතින් සොයාගෙන ඒ අසරණ රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වීම අනාගතයේදී තම එකම බලාපොරොත්තුව බව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථනය දිනූ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉඩංගොඩගේ චෙනිත නෙත්දිනු පෙරේරා සිසුවා පැවසීය.
Read Moreරටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Read Moreඅභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පුණ්‍යෝත්සවය පැවැත්විණි.
Read Moreඅනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඋත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
Read Moreතව මාස දෙකකින් රටේ බංකොලොත්භාවය සමුලින්ම දුරුවෙන බව අමාතය මනූෂ නානායක්කාර මහතා අද (28) කරන්දෙනියේදී කීවේය.
Read Moreදිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreමේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. 75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධාන
Read Moreජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreනව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.
Read Moreපෙබරවාරි 4 දා පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයත්, එයට පෙර පැවැත්වෙන නිදහස් උත්සව පෙරහුරු දින වලදීත් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලය වැනි උපායමාර්ගිකව වැදගත් ආර්ථික මර්මස්ථානයක් කෑලි කඩා විකුණන් කෑමට හෝ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබී නැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේදී පසුගියදා විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා (24දා) සටහන් කළේය.
Read Moreදියවන්නා ඔයේ මාලු ඇල්ලීමට ගොස් ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27දා) සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (27දා) අවවාද කළේය.
Read Moreපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27දා) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
Read More75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreඅනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු අද (27දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read More’’අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි’’ පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27දා) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.
Read Moreඋතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන්අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යන ලෙසත් දන්වමින්ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ල
Read Moreයාපනය මිරුසවිල් ප්‍රදේශයේදී සිදුවූ අනතුරක් අතර පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ඊයේ (26දා) මියගොස් ඇතැයි කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreඅරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවය සඳහා විවෘත කිරීම අද (27දා) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read More“ළමයින්ගේ පමණක් නොව දෙමාපියන්ගේත් විභාගයක් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා. ශිෂ්‍යත්ව විභාගය වැදගත් විභාගයක් තමයි. නමුත් එහි ප්‍රතිඵල මත පදනම් වෙලා දරුවෝ වර් ගීකරණය කරන්න යන්න එපා” යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
Read Moreමහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ බවට අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුමහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read More