saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4253 hours ago

LATEST

ජසින්ඩා අවසන් දේශනය කරයි

calendar_today 2023 ජන 24 - 17:30 remove_red_eye - 902  

’’මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්‍රමුඛ අත්දැකීමයි’’ ඇය සඳහන් කළාය.

පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24 දා) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරිමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය නොලැබුණ හොත් රටට හෙටක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .

Read More

මැතිවරණය කල් යන එකක් නෑ. අපි සූදානම් වෙනවා. ගොඩක් අය නාම යොජනා කල් යයි කියලත් හිතුවා. අපෙන් කට්ටිය ගියා. ඒක අභියෝගයක් තමයි. අපි අභියෝගවලට මුහුණ දෙන්න ඕන. මැතිවරණ ප්‍රතිඵලය තියෙන්නේ ජනතාව අතේ

Read More

මේ ඡන්දයට විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ, මේ පාර එන ඡන්ද ප්‍රතිඵලයත් අච්චාරු ප්‍රතිඵලයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24දා) චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද බාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

මැතිවරණවලදී එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 15ක මුදලක් බවත් එම මුදලිනුත් පක්ෂයකට වියදම් කළ හැක්කේ සියයට 60ක මුදලක් බවටත් අද මැතිවරණ කොමිෂමේ පැවැති සාකච්ඡාවකදී දේශපාලන පක්ෂ නයෝජිතයන අතර පැවැති සාකචඡාවකදී එකඟ වී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහෙන් කොටසක් ලෙස අර්බුදකාරී ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේ අද (24දා) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

මොණරාගල සිට කටුනායක වෙත පැමිණි ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ රියැදුරුවරයා විසින් එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් කොන්දොස්තරවරයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24දා) මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි .

Read More

2022 වසරේදී ලංවිම සිදුකළ වැටලීම් වලින් උසාවි ගාස්තු හා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුකළ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 750ක පමණ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුවීම හරහා සිසුන්ගේ අධ්‍යාපන අයිතියට බාධාවක් ඇතිව තිබෙන බවට නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරයි.

Read More

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Read More

ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලි ඉතිහාසයේ කඩුළු 150 සීමාවට පැමිණි මුල්ම පන්දු යවන්නා ලෙසින් ෂෝන් ඇබොට් ඉතිහාසගතවිය.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතාට බරපතල සහිත වැඩ සහිත වසර හතරක සිර දඩුවමක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ තුනක දඩයක්ද පැනවීය.

Read More

බදුල්ල නගරයේ ප්‍රධාන මාර්ග දෙකක් යාකරමින් රුපියල් මිලියන 99 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කළ කැප්පිටිපොල මාර්ගය විවෘත කර වසරක් ගතවීමටත් පෙර විනාශවී තිබේ

Read More

දකුණු කොළඹ වරාය ආශ්‍රිතව සේවා සැපයුම් ප්‍ර දේශයක් ස්ථාපති කිරිම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් සිදුකිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුවක් මගින් අවසර ලබා දී තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.

Read More

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් අයකරන ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මංතීරු ඉදිකර තිබේ.

Read More

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ වෙළඳසල් කිහිපයකට ඇතුලුවී හිස් ගෑස් සිලින්ඩර් සොරා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු සමග සොරාගත් සිලින්ඩර් 66 ක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

පෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.

Read More

පුනරින් පොලිස් වසමේ මන්නාරම - යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍ර දේශයේදි මාර්ගය හරහා ගමන් කළ ළමයෙකු ගිලන් රථයක ගැටී සිදුවූ අනතුරකින් ළමයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

බත්තුළු ඔයේ ආරක්ෂීත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළු ඔයට අද (24දා) අලුයම ඇද වැටුන ඉන්ධන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ගයෙ පාලමේ සිරවි නැවති ඇති බව මුන්දලම පොලිසිය පවස

Read More

2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

Read More

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්, කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්භාහන ආයතන ( Spa ) 06 ක සේවය කළ තායිලන්ත ජාතික කාන්තාවන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ චෝදනා යටතේ විදුලිය භාවිත කිරී‍මේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා හා සමගි එක්සත් වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.