saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4186 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ 225න් වත්කම් බැරකම් දී ඇත්තේ 49යි

calendar_today 2023 අගෝ 18 - 11:38 remove_red_eye - 664  

මේ වසරේ අදාළ නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49දෙනෙකු පමණක් බව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

තෙල් සංස්ථාව විසින් මේ වසරේ පළමු මාස 06ක කාලය තුළදී රජයට රුපියල් බිලියන 105ක බදු මුදලක් ලබාදී තිබෙන බවත්, මීට අමතරව මෙම කාලය තුළදී රුපියල් බිලියන 84ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙන බව ඉන්ධන, විදුලිය, වරයා සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ශෙනුකා සෙනවිරත්න මහත්මිය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මේ අතර චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

Read More

සිදුකරන ලද පුරෝකථන අනුව එළඹෙන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් මේ වනවිට රට තුළ පවතින වී හා සහල් තොග පරිභෝජනයට ප්‍රමාණවත් බවත්, ඒ අනුව සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබේ.

Read More

තඹුත්තේගම මහවැලි ඉඩම් දේශපාලන ලැයිස්තුවෙන් බෙදුවාට විරෝධයක් එන බවට තොරතුරු වාර්ථා වී තඹුත්ත‌ේගම මහවැලි අධිකාරියේ පැවති උත්සවයට සහභාගී වීමට පැමිණි රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා ආපසු හැරී ගිය බවට වාර්තා වේ.

Read More

හෝමාගම කර්මාන්ත පුරයේ ඇති තීන්ත කර්මාන්ත ශාලාවේ ගින්නක් ඇති වී කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ මොහොත වෙන විට ගිණි ගන්නා කර්මාන්ත ශාලාව ඇතුළේ පිපිරිම් රැසක්ම ඇසෙන බවත්.තීන්ත හැදීමට ගෙන ආ කෙමිකල් බැරල් මේ වෙන විට පිපිරිමකට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

Read More

පවතින නියඟය හේතුවෙන් ඊයේ (17දා) වනවිට වී ගොවීන් 35,653ක් පීඩාවට පත්ව ඇති අතර, හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය 38,903.83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මේ බව නිවේදනයක් මගින් දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් නියෝග කෙරිණි.

Read More

සාලම්බකුලම් ප්‍ර දේශයේ පිහිටි වව්නියා විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ පාසල් කිහිපයක් අතර පැවැති එල්ලේ තරගාවලියකට සහභාගීවම සඳහා පැමිණ සිටි පට්ටාන්චූර් ප්‍ර දේශයේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකු එල්ලේ තරගාවලිය අතරතුර එම ක්‍රිඩාංගණයෙන් පිටත ප්‍ර දේශයේ තිබූ වතුර වලක් ආසන්නයෙන් ඇවිදිමින් යාමේදී එම වලට වැටී දියේ ගිලී අනතුරක් සිදුව ඇත.

Read More

කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවෙකුට එම පාසලේම සිසුවෙකු අද (17දා) පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 මහලේ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටියි. පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරයි.

Read More

සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය.

Read More

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

මෙම තහනම් උත්තේජක මගින ලිංගික බෙලහීනතාවය, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝග වලට ගොදුරු විය හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වා දී තිබේ.

Read More

මෙම වසර ඇතුළතදී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම” නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර මහතා පවසයි.

Read More

බියර් පානය කර පාසල් පැමිණි වයස අවුරුදු 14ක බාලවයස්කාර පාසල් සිසුවියක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.

Read More

යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.

Read More

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව මෙ වන විට මුහුණ දී තිබෙන මූල්‍ය ගැටලුව විසඳීමට චිනය සෑම අවස්ථාවකදිම සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය සපයනු ලබන 2023 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර අද (17) පකිස්ථානු සම්මත වේලාවෙන් මධ්‍යහන 12 සිට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12:30) ආරම්භ වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය කියයි.

Read More

ඉඩම් ආරවුලක් හේතුවෙන් බාල සහෝදරයා විසින් සිය වැඩිමහල් සහෝදරයාට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුව ද අනෙකුත් විදුලිබලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බවත්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට අද (16දා) වෙන්දේසියේදී අලෙවි කෙරිණි.

Read More

මෙරට වෛද්‍යවරුන් විදෙස්ගත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ ඒකාබද්ධ සාකච්ඡාවක් සියලු වෛද්‍ය වෘත්තිය සමිති සමග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තීරණය කර තිබේ. ඒ අනුව එය එළඹෙන සතියේ මැද පැවැත්වීමට තමන් කටයුතු කරන බව ඔහු ’අද’ට පැවසීය.

Read More

වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා කියයි.

Read More

කොළඹ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඊයේ(16දා) සවස ගින්නක් හට ගැනුණි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණීය තර්ජනය කළ බව පවසමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .

Read More

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට (16) දින බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.

Read More

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එද අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත් ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒකීය සෛරී රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.