සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුව ද අනෙකුත් විදුලිබලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බවත්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එමෙන්ම දකුණු පළාත විදුලි සම්ප්‍රේෂණ ජාලය, මෙරට විදුලිබල පද්ධතියට එකතු කිරීමේ කටයුතු එලඹෙන ඉරිදා වන විට අවසන් කළ හැකි බැවින් අමතරව ලබාගත යුතු විදුලිය සීමා වන බව ද අමාත්‍යවරයා කීවේය.
එබැවින් සමනල වැව විදුලි බලාගාරයෙන් විදුලිය ලබා නොගත්ත ද අනෙකුත් බලාගාරවලින් හා හදිසි මිලදී ගැනීම් තුළින් විදුලි අවශ්‍යතාව ආවරණය කළ හැකි බවත්, එමගින් විදුලි කප්පාදුවකින් තොරව කටයුතු කළ හැකි බවත් හෙතෙම කීවේය.
විදුලි ඉල්ලුම අඩුවී ඇති බවට මාධ්‍ය වාර්තා කළ ද, මේ වන විට දෛනික විදුලි ඉල්ලුම වැඩි වී ඇති බවත්, ඒ අනුව පෙර පැවති දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට් පැය 45, මෙගා වොට් පැය 50කට ආසන්න අගයක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
සමනල වැව ජලාශයෙන් අතිරේක ජලය මුදාහැරීම අද (16දා) සිට නතර කිරීමට සිදුව ඇති බව ද වාර්තා වේ.