ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ශෙනුකා සෙනවිරත්න මහත්මිය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
වර්තමානයේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන මිලින්ද මොරගොඩ මහතාගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිතව තිබේ.
මේ අතර චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම තමන් සමග කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි මෙන්ම රටට නිසි සේවයක් කළ හැකි නිලධාරීන් විදේශ සේවයට යෙදවිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.