මෙරට වෛද්‍යවරුන් විදෙස්ගත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ ඒකාබද්ධ සාකච්ඡාවක් සියලු වෛද්‍ය වෘත්තිය සමිති සමග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තීරණය කර තිබේ. ඒ අනුව එය එළඹෙන සතියේ මැද පැවැත්වීමට තමන් කටයුතු කරන බව ඔහු 'අද'ට පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ යම් වෛද්‍යවරයකුට විදෙස්ගත වීම සඳහා පවතින නීත්‍යානුකූල අයිතිය වෙනුවෙන් මැදිහත් විය නොහැකි වුවද මෙරට නිදහස් අධ්‍යාපනය ලබා %හොර පාරෙන් රට යෑම^ අනුමත කළ නොහැකි බවයි.
ඒ අනුව වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු ඇතුළු වැදගත් කරුණු රුසක් අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.