කරන්දෙණිය ප්රධාන පාසලක සිසුවෙකුට එම පාසලේම සිසුවෙකු අද (17දා) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
පිහි ඇනුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ එකොළොස් වැනි වසරේ සිසුවෙක් බව ද පොලීසිය කියයි. පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම දොළොස් වැනි වසරේ සිසුවෙක් බව පොලීසිය කියයි.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්රතිකාර ලබන බවද පොලීසිය කියයි. පිහි ඇනුම සිදු කළ සිසුවා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
සිසුන් දෙදෙනා අතර කාලයක් තිස්සේ සිට පැවති කෝන්තරයක් පිහි ඇනුමට හේතුව බවද පවසන පොලීසිය පාසල නිමාවී පාසල් ගේට්ටුවෙන් පිටවී යමින් සිටියදී පිහි ඇණුම සිදුකර ඇති බවද පොලීසිය කියයි. කරන්දෙණිය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.