වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා කියයි.
මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගණකාධිකාරීන් සහ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් යොදවා ඇති විෂය නිලධාරීන් (සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරීන් ) 150 දෙනෙකුට මෙම වැඩසටහන පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමේ දෙදින පුහුණු වැඩසටහන සඳහා එක් වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.
ලංකාවාසී සියලු දෙනා හට කඩිනමින් තම සේවා ඉටුකර ගැනීමට හැකියාව උදා කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අරමුණ බව ද මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසීය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා INNOVA මෘදුකාංග නිර්මාණ ආයතනය විසින් මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදෙන ලදි.
නාඋල - ඉන්දික අරුණ කුමාර