සිදුකරන ලද පුරෝකථන අනුව එළඹෙන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් මේ වනවිට රට තුළ පවතින වී හා සහල් තොග පරිභෝජනයට ප්‍රමාණවත් බවත්, ඒ අනුව සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබේ.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුකුළු මස් හා බිත්තරද මෙම වසර අවසන් වන තෙක් පාරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවයි.
මීට අමරතව අතිරේක ආහාර භෝග වන මුං ඇට, කවුපි, උඳු, රටකජු හා කුරක්කන්ද අවශ්‍ය ප්‍රමාණයට තොග රට තුළ පැවතීම හේතුවෙන් ආහාර හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් වූ බියක් තබාගත යුතු නැති බව ප්‍රකාශ කර ඇත.
කෙසේවුවද එළවළු මිල ඉහළ යාම නියඟය හමුවේ තවදුරටත් පවතින බවට පුරෝකථනය කර තිබේ. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වේ.