ශ්‍රී ලංකාව මෙ වන විට මුහුණ දී තිබෙන මූල්‍ය ගැටලුව විසඳීමට චිනය සෑම අවස්ථාවකදිම සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ කාර්මීකරණය මෙන්ම දුගී බව තුරන් කිරිම සඳහා චීනය සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ සෛවරීත්වය වෙනුවෙන් චිනය පෙනී සිටින බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
