පවතින නියඟය හේතුවෙන් ඊයේ (17දා) වනවිට වී ගොවීන් 35,653ක් පීඩාවට පත්ව ඇති අතර, හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය 38,903.83ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමරතව බඩඉරිඟු අක්කර 159ක්, අර්තාපල් අක්කර 10ක්, ලොකු ලූණු අක්කර 1.2ක්, මිරිස් අක්කර 1.5ක්, මුං වගාව අක්කර 30ක්, කැරට් අක්කර 31.5ක්ද හානියට පත්ව ඇත.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති වගා හානි සම්බන්ධ දෛනික වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර ඇති අතර, ඒ අනුව එහි මෙම තොරතුරු දක්වා තිබේ.
මේ අතර පවතින නියඟය සත්ත්ව පාලනය කෙරෙහිද බලපෑමක් එල්ල කර ඇති අතර, ඒ අනුව දේශීය කිරි කර්මාන්තය සම්බන්ධව නියඟයේ බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අංශයට උපදෙස්දී ඇත.