ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් වත්තලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පානදුර වලාන දූණ මර්ධන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව උපාය දූතයෙක් යොදවා රුපියල් 38000ක මුදලකට තහනම් උත්තේජක විකිණීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ තහනම් උත්තේජක ලංකාවට ගෙන ආ ආයතනය පිළිබදව පොලීසිය අණාවරනය කර තිබේ.
එම තොරතුරු අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍ර දේශයේ වැටලීමක් සිදුකර තවත් පුද්ගයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තහනම් උත්තේජක මගින ලිංගික බෙලහීනතාවය, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝග වලට ගොදුරු විය හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වා දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක් වන ජා ඇල පදිංචිකරුවෙකි.