තෙල් සංස්ථාව විසින් මේ වසරේ පළමු මාස 06ක කාලය තුළදී රජයට රුපියල් බිලියන 105ක බදු මුදලක් ලබාදී තිබෙන බවත්, මීට අමතරව මෙම කාලය තුළදී රුපියල් බිලියන 84ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙන බව ඉන්ධන, විදුලිය, වරයා සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 50ක මුදලක් අඩු කිරීමට හැකියාව තිබෙන බවත්, ඩීසල් මිල අඩු කළහොත් විදුලි බිල, ජල බිල, බස් ගාස්තු සැලකිය යුතු මුදලකින් අඩු කළ හැකි බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
පසුගිය වසරවල තෙල් සංස්ථාව විසින් රජයට ගෙවා තිබෙන බදු මුදල් ප්‍රමාණය සැලකීමේදී වසරකට උපරිම ගෙවා තිබෙන්නේ රුපියල් බිලියන 170කට ආසන්න මුදලක් බවත්, එහෙත් මේ වසරේ පළමු මාස 06ක රුපියල් බිලියන 105ක් බදු ලෙස ගෙවා තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කළහොත් ජල බිල, විදුලි බිල, බස් ගාස්තු 30෴කින් පමණ අඩු කර ගත හැකි බවත්, මේ හරහා ජනතාවට විශාල වාසි ප්‍රමාණයක් අත්වන බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.