චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ
Read Moreමෙම සහකාර කළමනාකාරවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමිදිගම, පාතගමදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. ඊයේ රාත්‍රි යේදී මෙම ඝාතනය සිදුව තිබේ. ඝාතනය සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය කියයි. අහංගම පදිංචි අවුරුදු 24ක තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ.
Read Moreඋත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ’නිදහස් ජනතා සන්ධානය’ නමින් ඊයේ (11දා) කොළඹ දී සන්ධානගත විය.
Read Moreගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.
Read Moreමහචාර්ය ආශූ මාරසිංහ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.
Read Moreචීනයේ ප්‍රචලිත ප්‍රභේද වන්නේ BF2 සහ BF7 වන අතර, චීනය XBB ප්‍රභේදය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, එය මෙයින් ප්රමුඛ වනු ඇති බවට තවමත් ඇඟවීමක් නොමැති බව ඔහු සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මෑත කාලීන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්රජාතන්ත්රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා CPA වෙතින් සහාය ලබා දෙන බව කීය.
Read Moreරටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා මෙවර පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරගවදින බවත් මැතිවරණය මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළත් නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
Read Moreමහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
Read Moreදුම්රිය සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කළ බවට වාර්තා වූ තොරතුරු අසත්‍ය බවත් යම් ගමන් වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read MoreRRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.
Read Moreබදුල්ල කිරිඔරුව මාර්ගයේ ජයසේගෙදර ප්‍රදේශයේ දී අද (11දා) දහවල් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 13ක පමණ පහළ බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඇත්නම් ලබන පෙබරවාරි 23 වැනිදා ඉදිරිපත් කිරරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (11දා) නියම කළාය.
Read Moreශ්‍රී ලංකාවට බුරුම දේශයෙන් (මියන්මාරය) උපසම්පදාව රැගෙන විත් සහ ශ්‍රී ලංකාවේ සියම් මහා නිකාය ආරම්භ කර වසර 270 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තය , ලාඕසය සහ මියන්මාරයෙන් භික්ෂූන් වහන්සේලා 70 දෙනෙකු පාද යාත්‍රාවක් සදහා අද (11දා) කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩමකර තිබේ .
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 වසර සඳහා වන නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11දා) සිදු කෙරිණි
Read Moreහිටපු ජනපතිවරුන් දෙපළක් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුට කැනඩාව විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කනගාටුව කැනඩාවට ප්‍රකාශ කර තිබේ.
Read Moreගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ පිහිටි පෙරපාසලක දරුවන් පිරිසක් එලිමහනේ සෙල්ලම් කරමින් සිටියදී අද (11දා) උදෑසන ඹඹර ප්‍රහරයකට ලක්වීම නිසා තුවාල ලබා දඹදෙනිය මූලික රෝහලට ඇතුලත් කල බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
Read Moreපසුගිය දෙසැම්බර් මාසයේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. මෙහිදී ප්රජාතන්ත්රවාදය, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය, ගොලීය පරිසරය ඉහළ නැංවීම, අවුරුදු 75ක ශ්‍රී ලංකා හා ඇමෙරිකානු සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඇමෙරිකාව ලබාදෙන සහාය පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට සම්බාධක පැනවිම සමබන්ධයෙන් කරුණු විමසීමට ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
Read Moreනව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (05) හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු ප්රගතියකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ දරිද්‍රතාවය වැඩි වී ඇති බවද එම ආයතනය පවසයි. දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකුවේ ඉදිරි දැක්ම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය මේ වසරේදී නැවතත් සියයට 4.2 කින් හැකිලෙනු ඇති බවයි.
Read Moreසිරුරේ පිලිස්සුම් ස්ථාන කීපයක් සහිතව , ඊයේ (10 දා) දහවල් රස්නායකපුර නම්මුවාවේ නිවසක ඇඳක් මත.තබා තිබූ පුද්ගල මළ.සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල ,නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් සිද්ධික් මහතා මෙය විදුලිය සැර වැදීමකින් සිදු වූවක් බවට වාර්තා කලේය.
Read Moreජාතික රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනය නවතා අනර්ථයක් කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. සැකකරු මහනුවර ජලාශය පාර පදිංචි වයස අවුරුදු 44 ක අයෙකි.
Read Moreඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලූත්පාර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙක් අද (11දා) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය.
Read Moreමේ වනවිට මෙරට පුජා භූමි 101 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23 වැනිදා මෙරට 101 වැනි පුජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.
Read More