ඊයේ දිනයේදි දිවයිනේ විවිධ ප්ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අලව්ව - ත්රිරෝද රථයක් පදික කාන්තාවකගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 71 හැවැරිදි පදික කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර - යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 36 හැවැරිදි පාසල් ගුරුවරියක් හා ඇයගේ 7 හැවැරිදි දියණිය ජීවිතක්ෂයට පත්විය.
මහඔය - යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් හමුදාවට අයත් ට්රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 33 හැවැරිදි යතුරුපැදි කරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බියගම - යතුරු පැදියක් පුද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ අවුරුදු 42ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුලියාපිටිය - යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරකින් 34 හැවැරිදි යතුරුපැදි කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.