මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම වේගයෙන් පහළ බසිමින් පවති.
මේ හේතුවෙන් වික්ටෝරියා ජලාශය මුලාශ්‍ර කර ගනිමින් ජලය ලබාගන්නා කුණ්ඩසාලේ හා මැදදුම්බර ප්‍රදේශවලට පානිය ජලය බෙදා හැරීම ද ගැටලුවක් වී පවති.
වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යටවූ පැරණි තෙල්දෙණිය නගරය හා ඒ අවට ප්‍රදේශ මතුවී තිබෙන අතර එවා දැක බලා ගැනීම සඳහා විවිධ ප්‍ර දේශවලින් ජනතාව පැමිණෙමින් සිටි.
මේ වන විට වික්ටෝරියා ජලාශය ට ජලය සපයන හුළු ගඟ, ගල්මල් ඔය වැනි අතු ගංගාවලට ජල මට්ටමු පහළ බැස තිබේ.
වික්ටෝරියා ජලධාරිතා ප්‍රදේශය අක්කර 4,67,266 කි. ජලාශයට රඳවා තබා ගැනීමට හැකි උපරිම ජල ප්‍රමාණය අක්කර අඩි දස ලක්ෂ 25,496 ක් වන අතර ගැලුම් මට්ටම අඩි 1437 ක් පමණ වේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්