අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ මව රාජාංගනය යාය 10 රාහුල විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරයි.
එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
අනතුරට පත් යතුරු පැදියේ ගමන් කල මව සහ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන්, මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
