උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සදහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් පවතී .මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්රසාදයටලක්ව ඇත.
විශේෂයෙන්ම සොදුරු ගමනාන්තයක් බව හැදන්වෙන ඇල්ල දුම්රිය ස්ථානයේ දී මේ අහිතකර තත්වය දක්නට ලැබේ. පාසැල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවන පවතින දේශගුණික තත්වය නිසා නිවාඩුව ගත කිරීමට බොහෝ රටවලින් විදේශිය සංචරකයන් මේ දිනවල මෙරටට පැමිණිමත් මේ තත්වයට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව මේ තත්වයට මුහුණ දෙන ලෙසයි දුම්රියේ පොල්පැටෙව්වාමෙන් ජනතාව දුම්රියට නැග ඇති අයුරුත් විදේශිකයන් පිරිසක් දැඩි විරෝදධය පළ කරන අයුරුත් දැකගත හැකිවිය.
ඇල්ල සුවිශේෂි දුම්රිය ස්ථානයක් වන බැවින් මෙම දුම්රිය ස්ථානයෙන්ද විශේෂ දුම්රියන්හි ටිකට් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් මගීන් හා සංචාරක මග පෙන්වන්නන් පෙන්වා දෙති.
පාලිත ආරියවංශ