ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි බන්ධකාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇති අතර අත්‍යාවශ්‍යම අවස්ථාවක දී සූම් ක්‍රමයට නඩු කටයුතු සඳහා සම්න්බන්ධ කිරීමට ද තීරණය ගෙන ඇත.
බන්ධනාගාරයේ මෙම රෝගය පැතිරයාම හේතුවෙන් රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රතිකාර කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් බන්ධනාගාරයට පැමිණ ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් 16 දෙනකු මේ වනවිට රෝගී වී සිටින බවයි. ඒ අතරින් 09 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර රෝහලේ 07 දෙනකු ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතාගෙන් කරන ලද විමසීමක දී කියා සිටියේ පසුගිය දා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම රෝගය Neisseria meningitides නමැති බැක්ටීයාව හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති රෝගය යැයි හඳුනාගත් බවයි.
එය දුර්ලභ සහ බරපතල රෝගී තත්වයකි. එමගින් මොළයේ සහ සුෂුම්නාවේ ආසාදන ඇතිකරන බවත් රුධිර ආසාදනවලට හේතුවන බවත් වෛද්‍යවරු කියති. ඇඟ කැසීම, දද ආකාරයෙන් තුවාල ඇතිවීම සහ උණ මෙහි මූලික රෝග ලක්ෂණ වෙයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මීට පෙර බන්ධනාගාරයෙන් නිදහස් කළ අයකු ද උණ රෝගයෙන් මියගොස් ඇතැයි වාර්තා වී බවයි. ඔහුගෙන් මෙම රෝගය පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුව මියගිය රැඳවියන් දෙදෙනාම රිමාන්ඩ් සිරකරුවන් බවයි. ඒ අනුව මේවන විට ගාල්ල බන්ධනාගාරයේ මෙනින්ගොකොකුස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව තිදෙනෙකි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට