ඉන්දියාවේ බද්දටත් කලින් ලංකාවේ ලූණු මිල ඉහළට
ඉන්දියාවේ සිට වෙනත් රටවලට අලෙවිකරණ ලොකු සඳහා කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් පැනවීම්ට නියමිත බවට මාධ්‍ය වා ර් තා පළවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට පෞද්ගලික තොග ගෙන්වන්නන් ලොකු ළුණු කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 ත් අතර දක්වා 21 දින සිට ඉහළ දමා ඇතැයි ජනතාව පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු ගෙන්වන ව්‍යාපාරිකයන්ගේ ගබඩා සියල්ල මීට දින කිහිපයකට සිටම ලොකුලූනු ගෙන්වා ගබඩා කොට තිබුණු බවක් ඒ අනුව ඉන්දියාවේ බදු මුදලක් අය කරන බවට ප්‍රකාශ වීමත් සමගම අඩු මුදලට ගෙන්වූ ලොකු ලූනු මේ වන විට වැඩි මුදලට අලෙවි කිරීම සිදුකරන බව ව්‍යාපාරිකයෝ ද පවසති.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවට පෞද්ගලික ලොකු ළූණු ගබඩාවලට කන්ටේනර් රථ පිටින් ගෙනා ගබඩා කරන අයුරුද දැක ගැනීමට හැකිවිය.
දින කිහිපයකට ඉහත දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 140 ත් 160ක් අතර මිලකට අලෙවි කෙරිණි.
ඒ අනුව 21 දින වන විට එම ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 ත් අතර මිලයකට ඉහළ දමා තිබේ.
මෙවර දේශීය ලොකු ලූණු වගාව සියයට 90 කින් පමණ පහත වැටී ඇති බව දේශීය ලොකු ලූනු ගොවීන් පවසති .නිෂ්පාදන වියදම අධික වීම නිසාවෙන් ලොකු ලූනු වගාවෙන් ගොවීන් ඉවත් වීම නිසා බව ඔවුහු පෙන්වා දෙති.
ලොකු ලූනු ගෙන්වන තවත් ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ මේ වන විට මාස ගණනාවකට අවශ්‍ය විදේශීය ලොකු ලූනු තම ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල ගබඩා කර තිබීම විශේෂත්වයක් බව ය.
popular news
-
K. Ranaweera Wednesday, 23 August 2023 12:23 PM
Even the Government controlled "Sathosa" in creased the price to 220.00 per kg. Then no need to find fault with private vendors,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
