පළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය අද (19දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති.
පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මූණා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක්යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනොරොච්චෝල ලක්විජය බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු රැගත් තවත් නෞකා තුනක් මේ වන විට දිවයිනට ළඟ වී තිබේ. එම නෞකා තුනෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව වීදි බසින ලෙස ඔහු සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල්වුයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් කාන්තාවන් පිරිසක් බවත්, ඒ වාගේම සජිත් ප්‍රේමදාස ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පියවර ගන්නෙත් කාන්තාවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
Read Moreතම ලොරියේ හිඟ ෆිනෑන්ස් වාරික ගෙවීම සඳහා කුරුණෑගල නගරයේ පෞද්ගලික බැංකුවක තැම්පත් කිරීමට පුද්ගලයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන අයෙකු සොරකම් කරන ලද මුදල් වලින් කොටසක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreනොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. මෙම ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී විශාල අලුත්වැඩියා හා නඩත්තු කටයුතු වෙනුවෙන් අක්‍රීය කිරීමට නියමිතව තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreපැය කිහිපයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන දෙකක් වාර්තා වී තිබේ.
Read Moreඅප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට නිමාකරන විට නවසීලන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කන්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියි.
Read Moreඩොලර් අර්බුදය අවසන් බවත් අත්‍යාවශ්‍ය අංශ වෙනුවෙන් ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreඅප්‍රේල් 1 වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුද්ගලික බදු ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද අනිවාර්ය කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරතවන බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
Read Moreඋඩරට කඳුකර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ට නොමිලේ සහල් ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
Read Moreඅශ්වයන් හා බැදි නුවරඑළිය නගරයේ සංචාරක ආකර්ශණය වර්ධනය කිරිමේ අරමුණ මත නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් එම විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද යකඩ අශ්ව අනුරුව එළිදැක්විම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
Read Moreනවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්තය රැස්කළ ලකුණු 580ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි.
Read Moreදැනට මත්ද්‍රව්‍ය ජාවාරමට හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින මුතුනායකගෙදර මහින්ද නොහොත් රැවුල් කුමාර නැමති පුද්ගලයාගේ පළමු විවාහක බිරිඳ පදිංචි ගාල්ලේ උඩවැලිවිටිතලාව නිවස වෙත ගිය නීතිවිරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසයෙහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම කාන්තාව අත් අඩංගුවට ගනු ලැබිණි.
Read Moreකොටහේන පොලිස් වසමේ, පරමානන්ද මාවතේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු එම දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (18) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර ඇත. පසිදු ගුණරත්න මහතාගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ඊයේ (17) පත්වීම සිදුකොට ඇත.
Read Moreරටේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින්ට මේ රටේ ජනතාව බිය වු කාලයක් තිබු බවත්, එසේ බිය වු කාලය මේ වන විට අවසන් වි ඇති බව හිටපු පා.ම සහ සමගි වනිතා බලවේගයේ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසිය.
Read Moreකඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) දා අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.
Read Moreමෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින් බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පලස්තීන, ඊජිප්තු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ .
Read Moreමෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.
Read Moreපාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත.
Read Moreජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසයි.
Read More2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.
Read More