ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(11දා) මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇත.
දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමත් සමග පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර මේ අනුව අදාළ ගැටලු සාකච්ඡාවෙන් විසඳාගත යුතු බවට පක්ෂයේ බොහෝ සාමාජිකයන්ගේ අදහස වී තිබෙන බව වාර්තා වේ.
ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ආසන බලමණ්ඩල හා දිස්ත්රික්කබලමණ්ඩල ශක්තිමත් කිරීමට බිම් මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳවත් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡා කිරීමට නියමිතවතිබේ.
මීට අමතරව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයකින් හෝ පෙරමුණකින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර මේ පිළිබඳව අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද වාර්තාවේ.
ආණ්ඩු විරෝධී රැල්ලට මුහුණ දෙමින් ඉදිරි කටයුතු කිරීමට හැකි ශක්තිමත්ම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් මේ නිසා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පක්ෂ ඒකාබද්ධ කරගනිමින් ශක්තිමත් ලෙස මුහුණුදීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන්කළේය.
අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබෙන බවත් පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බවද පවසා සිටියේය.