saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4018 hours ago

LATEST

මාර්තු 19දාට සංචාරකයන් 76 247ක් ඇවිත්

calendar_today 2023 මාර් 21 - 09:37 remove_red_eye - 607  

මාර්තු මස පළමු වැනිදා සිට 19 දා දක්වා සංචාරකයන් 76 247ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් දැනට කරන ලද පරීක්ෂණ වලින් ලද දත්ත වලට අනුව දැනට ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තිර්ණ මූල්‍ය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම දේශපාලන මතභේද නොසලක අගය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් එහි පළමු වාරිකය ලෙස ඉතාමත් ඉක්මනින් ශ්‍රි ලංකාව වෙත මුදා හරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ස්ථාපිත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිෂමේ කටයුතු විධිමත්ව සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව දකුණු අප්‍රිකාවේ අත් දැකීම් ලබා ගැනීමේ අරමුණින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු යුත් නියෝජිත කණ්ඩායමක් හෙට ( 2023.03.21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Read More

’’පවුලෙන් පවුලට බලය මාරු වුණු වරිග සභා දේශපාලනය අද වන විට අවසන් වී තිබෙනවා. ඒ නිසා අපි නාමල් රාජපක්ෂ පැඟිරාට කියනවා, ’වෙන රස්සාවක් හොයාගන්න’ කියලා. ඒ පැඟිරාට බැටන් එක මාරු වන දේශපාලනය ඉවරෙටම ඉවරයි. මේ එන්නේ අලුත් යුගයක්. ඒ තමයි සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය.’’

Read More

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල වාහනවලින් නගර සභා සතුව ඇතැම් භාණ්ඩ තම නිවාස වලට රැගෙන ගිය බව එම පළාත් පාලන ආයතන වල කටයුතු කල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසයි.

Read More

මාර්ග සංවර්ධන අධිකාරීයේ සියලු අනියම් සේවකයින් ස්ථිර නොකලහොත් ලබන 29 දා මාරාන්තික උපවාසයකට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරීයේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිල් විජේතිලක මහතා පැවසීය.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අළෙවිය සියයට හතලිහකින් පමණ පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමියෝ පවසති.

Read More

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරනු ලබන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බවත් ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වසර අග ජනපතිවරණයක් කැඳවීමට ඉඩක් ව්‍යවස්ථාවෙහි නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More

ආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ ණය යෝජනාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බවත් එය රටක් වශයෙන් අප මහගිරිදඹ තරණය කිරීමට සැරසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට නියමිතය.

Read More

වැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.

Read More

ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල විමර්ෂණය ප්‍රමාද කිරීම පිළිබඳව කණස්සල්ල පළකරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

Read More

ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Read More

වසර 20 ක කාලයකට අධික කාලයක් ගොවින් පිරිසක් වී ගොවිතැන් කල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 9 කට ආසන්න කුඹුරු ඉඩම රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයාගේ මැදිහත් විමේන් කිසිදු අයිතියක් නොමැති ව්‍යාපාරිකයකුට කම්බි ගසා කොටුකර දීමට කටයුතු කිරීමට යාමේදි ගොවින් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් මතුවිමත් සමග ගොවීන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුනු 58කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්විය. නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 580/4ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

Read More

ව්මර්ශනය සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන්ට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව කාතතාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී ඒ.එස්.ඒ.රහීම් මහතා පැවැසීය.

Read More

මධ්ය්ම කඳුකරයේ ඇතැම් ප්රදදේශවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කරනු ලැබීය.

Read More

ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක ’’රේඩ් ඇමසෝන් ’’ (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

මෙම ජලාශයට එක් රෝක්වන ජලය මේ වන විට ජල විදුලිය නිපදවන ජල විදුලි බලාගාර සදහා අඛණ්ඩව බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Read More

බණ්ඩාරවෙළ පුනාගල හබරගල වත්තේ වතු ලයිම්කාමර පහක් 19 දින රාත්‍රි නාම යෑමට ලක්වීමෙන් එහි ජීවත්වු පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි,

Read More

තද වැසි හා තද සුළං පළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 121ක් පසුපසින් සිටියි.මේ වන විට ධනංජයද සිල්වා 83* හා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක 33* නොදැවී පිටියේ රැදී සිටිති.

Read More

පසුගිය මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැවැති සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් බවට මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ බවත් සංචිත ප්‍රමාණය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාමත් පහළ තත්ත්වයක බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජික් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින්ම පැවතිය යුතු බවත් කල් ඉකුත්වූ සභිකයින්ට තව දුරටත් බලයේ රැදී සිටීමට ඉඩදීම මැතිවරණය නොපවත්වනවාට වඩා බලවත් අකටයුත්තක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (19) අම්බලන්ගොඩදී කීවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.