නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ලක්විජය බලාගාරයේ පවතින පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත් විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.