වර්ෂාව හේතුවෙන් හානියට පත් කුඹුරු හිමි වී ගොවීන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාළ තොරතුරු රුස් කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට ආරම්භ කර ඇත.
අදාළ තොරතුරු රුස්කර වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම රක්ෂණ මණ්ඩලයට ලබා දී ඇති උපදෙස් මත මෙම කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේවුවද තොරුතුරු ලබා ගැනීමෙන් අනතුරුව ලබා දෙන වන්දි මුදල තීරණය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.