තමා සමග අමනාප වී නිවස හැරගිය බිරිඳ සහ දරු දෙදෙනා යළි නිවසට නොපැමිණීම පිළිබදව සිත් තැවුලෙන් ලිපියක් ලියා තබා වස පානය කොට මියගිය බව පැවසෙන පුද්ගලයෙකුගෙ මළ සිරුරක් මරණින් දින හතරකට පමණ පසුව සොයාගත් බව මාළඹේ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මාළඹේ ගොඩැල්ලවත්ත පාර නො, 427 / 5 හි පදිංචි රමේෂ් දිමංක සල්ගාදු නමැති (36) හැවිරිදි නිමි ඇදුම් ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි .
මියගිය පුද්ගලයා නිරන්තරයෙන්ම බිරිද සමග ඇති කර ගන්නා ආරවුල් හේතුවෙන් දින කිහිපයකට පමණ පෙර බිරිද දරු දෙදෙනා සමග ඇයගේ නිවසට ගොස් ඇති අතර යළි නිවසට එන්නැයි අවස්ථා කිහිපයකදී මොහු බිරිදට ඇවිටිලි කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි පැවසේ .
මේ අතරතුරදී බිරිද සැමියාට දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා අසල්වාසියකුට දන්වා නිවසේ සිටින සැමියා පිළිබදව තොරතුරක් ලබා දෙන්නැයි ඉල්ලා තිබේ.
ඒ අනුව අසල්වාසියකු නිවස අසලට විත් විපරම් කර බැලීමේදී ඒ තුළින් අධික ලෙස දුගදක් වහනය වීම නිසා සැක සිතී ඒ පිළිබඳව බිරිදට දන්වා ඔවුන් පැමිණ බලා මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබේ.
පසුව පොලිසිය පැමිණ නිවස තුළට ගොස් පරීක්ෂා කර බැලීමේදී නිවසේ සාලයේ පුටුවක් මත දින හතරකට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බවත් එය අධික දුගද හමමින් , හදුනාගත නොහැකි තරමටම නරක් වී තිබූ බවත් පැවසේ .
මේ අතර මළ සිරුර අසල වස කුප්පියක් තිබී හමු වී ඇති අතර ඒ අනුව මෙම පුද්ගලයා වස පානය කොට දිවි හානි කර ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
පසුව නිවස පරීක්ෂා කිරීමේදී " මගෙන් සිදු වූ වැරදි වලට සමාවෙන්න.මා සමග තරහා වෙන්න එපා. මම ජීවිතය නැතිකර ගන්නවා. මගේ සහෝදරයෙකුට සල්ලි වගයක් දීල ඇති එ සල්ලි ඉල්ල ගන්න.මට සමාවෙන්න." යනුවෙන් ලියා තිබූ ලිපියක් පොලීසියට හමුවී තිබේ.
පසුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච් රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළාය .
ඒ අනුව අයි.ඩී.එච් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ.ජී.ඇම්.ඇස්.ප්‍රනාන්දු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබුණි .
එහිදී මෘතදේහය හදුනා ගත නොහැකි තරමටම නරක් වී තිබීම නිසා මරණයට හේතුව නිශ්චිතවම දැක්දීමට නොහැකි වීම හේතුවෙන් සිරුරේ පටක කොටස් වැඩි දුර පරීක්ෂණය සදහා රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය වරයා පියවර ගෙන තිබුණි .
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පියවර ගත්තාය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න