saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 3963 hours ago

LATEST

පුරවැසියෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ පාරිභෝක අධිකාරී නිලධාරීහු නිහඩ වෙති

calendar_today 2023 ජුලි 24 - 13:19 remove_red_eye - 3157  

සෑම වෙළඳසැලකම අලෙවි කිරීමට ඇති පාරිභෝගික භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන අතර එම නීතිය කඩකරන සෑම අයකුටම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කොට ඇතැයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය

නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයාට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ. ඒ වගකීම ගන්න බෑ කියන එක පෙන්නලා ඉවරයි.

Read More

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත.

Read More

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි.

Read More

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ කාර්යාලය දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.

Read More

කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මෙඩ් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් බිමට වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කොළඹ 5 පදිංචි ව්‍යාපාරිකයෙක් හා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකි. ඊයේ (23දා) උදෑසන මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්. QR කේතය ගැනත් තීරණයක් – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක.

Read More

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන වසරට අදාළ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ (crudia zeylanica) ශාකය කපා එහි කොටස් වල දැමූ බව පැවසෙන ප්‍රදේශයට (23) පෙරවරුවේ සිට පොලිස් ආරක්ෂාව යෙදවූ බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

Read More

නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබේ.

Read More

මිගමුව, ඒත්තුකාල මුහුදු වෙරළේ දියනාමින් සිටි තරුණයන් තිදෙනකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව මීගමුව පොලීසිය පවසයි.

Read More

කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

මාර්ග බාධක පරික්ෂාවකදී කුඩු සනාගේ ගෝලයෙකු දමා දිව ගිය හෙරෝයින් පැකට් හැට දෙකක් ගෙදර ගෙනගොස් සිය නිවසේ මිදුලේ වල දමා තිබු බව කියන අඟුලාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් කුඩු පැකට් හැටදෙකම සමග(22) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුධහමුදාව පොලිසිය හා ආපදා කලමණකාරන ඒකකය කටයුතු කරමින් සිටියි.

Read More

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරනවා අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි. අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක්. පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම මහා විහාර විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරනවා – ජනපති

Read More

2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින්ම නැවැත්වීම ඉලක්ක කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිල සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීය.

Read More

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අද ‌පෙරවරු 8.30 වන විට, ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක් රජය සතුව පවතින බවයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද දින අළුයම (2023 ජුලි 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.‍

Read More

ශ්‍රී ලංකාවේ ගෑස් අලවි කරන ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් දෙකම ගෑස් සදහා පවතින මිල සූත්‍රයට අනුව එකම මිලකට සිය ගෑස් වෙළද පොළට නිකුත් කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී එලෙස නොකරන ආයතන වලට එරෙහිව නිතිමය කටයුතු කිරීමට සිදු වන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියහ.

Read More

මහයියාව දුම්රිය ස්ථානය අසළ මහමග තැඹිලි අලෙවි කරමින් ප්‍රදර්ශනාත්මකව මත්පැන් පානය කරමින් සිටී අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 10,000 ක දඩයක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නියම කළේය .

Read More

කාන්තාවක විසින් බියගම යබරලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසිකාගාරයක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.

Read More

ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත.

Read More

ප්‍රසිද්ධ දුරකථන සමාගම් වල සම්ප්‍රේෂණ කුළුණු වල ඇති, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු දේපළ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු සොරකම් කරන ලද රුපියල් කෝටියකට වැඩි විදුලි ජනක යන්ත්‍ර 4ක්, සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සමග පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

Read More

’’පෙදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අණ්ඩුහදන බලවේගයක්. අනිවාර්යයෙන්ම ඊළග ආණ්ඩුව හදන බලවේගය බවටත් පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා.’’

Read More

උපන්දින සාදයක් අතරතුළදී වව්නියාවේ නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

Read More

දිනක් තුළ ඇබිලිපිටිය හා අවට පෙදෙස් වල සහල් මිල රැපියල් 10/=වැඩි වි ඇති බව පාරිභෝගිකයන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.

Read More

‍ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

Read More

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.